පළාත් පාලන ඡන්දය පවත්වන්නැයි රජයට බලකරමින් ජාතික ජන බලවේගය මැතිවරණ කොමිසම ඉදිරිපිට ඊයේ(8) පස්වරුවේ උද්ඝෝෂණයක නිරත වුණි.
මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයට පිවිසෙන කෝට්ටේ පාර, කොටා පාර සහ සරණ පාර යන මාර්ග වල මහජනතාවට පීඩාවක් ඇතිවන ආකාරයෙන් උද්ඝෝෂණය කිරීම වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ වාරණ නියෝගයක් ද නිකුත් කර තිබුණි.
පොලීසිය කරන ලද ඉල්ලීමක් අනුව එම නියෝගය නිකුත් කර තිබුණේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 26 දෙනෙකුට එරෙහිවය.
කෙසේ වෙතත් ජාතික ජන බලවේගයෙන් පළාත් පාලන ඡන්දයට නාම යෝජනා භාරදුන් අපේක්ෂක අපේක්ෂිකාවන් ඇතුළු පිරිසක් පස්වරුවේ එම ස්ථානයේදීම උද්ඝෝෂණය පැවැත්වූ අතර නායක අනුර කුමාර දිසානායක මහතා ඊට පැමිණ නොමැති බවයි වාර්තා වන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...