දේශීය පුවත්

මෙරට බෞද්ධ ආගම හා බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීම සැලසුම් සහගත ක්‍රියාවලියක් බවත්, මෙම ප්‍රහාරය සැලසුම් කරන පුද්ගලයන්ම අවසානයේ ගැලවුම්කාරයන් ලෙස පෙනී සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බෞද්ධ ආගමට හා දර්ශනයට පහර ගසන කණ්ඩායම් එක් පසෙකින් මෙම පහරදීම සිදුකරන ගමන්ම ප්‍රහාරය වැරැදි බවට හඬ නගන පුද්ගලයන්ට මානසික බාධක පනවන බවද වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව පැවසුවේ රූපවාහිනී වැඩසටහනකට එක් වෙමිනි.

අවුරුදු දහස් ගණනක් පවතින මෙම සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය තුළ අනෙක් සියලු ආගම්වලට වැඩෙන්නට අවශ්‍ය පසුබිම නිර්මාණය වී තිබූ බවත්, අන්‍යාගමිකයන්ට මෙම ශිෂ්ටාචාරය තුළ කිසිඳු ගැටලුවක් ඇති නොවූ බවත් වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙයි.

මෙම ප්‍රහාරය දියත්වන්නේම ගැටුමක් නිර්මාණය කිරීමට බවද, විවිධ කාන්තාවන් යොදා ගනිමින් හා ජෙරම්ලා වැනි පුද්ගලයන් යොදා ගනිමින් ඔවුන්ට මුදල් පොම්පකරමින් ප්‍රහාර දියත් කරන්නේ ඒ සඳහාම බවත් ඒ මහතා හෙළිකරයි.

ආණ්ඩුවටත් අවශ්‍ය වී ඇත්තේ ද මෙම ක්‍රියාදාමය බව පවසන වසන්ත බණ්ඩාර මහතා, ප්‍රහාර සැලසුම් කරන්නන් අවසානයේ ගැලවුම්කාරයන් බවට පත්වන සූක්ෂම මෙහෙයුමක් මේ තුළ ඇති බවද පෙන්වා දෙයි.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More