දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාගේ ප්‍රතිරූපයට හානිවන අයුරින් පොලීසිය කටයුතු කර ඇතැයි කියමින් ඒ මහතා විසින් දැමූ පැමිණිල්ලකට අනුව 07 සහ 09 දිනයන්හි මරඳන්කේනි පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට යාපනය මානව හිමිකම් කාර්යාලයේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබුණි.
මේ අනව 07 වනදා මරඳන්කේනි පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු යාපනයේ පිහිටි ශ්‍රීලංකා මානව හිමිකම් කාර්යාලයට පැමිණ පසුගිය 02 වනදා වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි විභාග ශාලාවක් ආසන්නයේ ඇති වූ ආරවුල සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පැමිණියහ.
එහිදී ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාගේ කටුයුතවලට බාධා කිරීම පහරදීමට උත්සහ ගැනීම බැනවැදීම හා තර්ජනය කිරීම ආදි කරුණු දක්වමින් මරඳන්කේනි පොලීසියට එරෙහිව මානව හිමිකම් කාර්යාලයේ පැමිණිළි කොට තිබුණි.
කෙසේ වෙතත් පැය කිහිපයක කරුණු විමසීමෙන් පසුව මානව හිමිකම් කාර්යාලයට පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනා ආපසු ගිය බවටත් තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ලබන 09 වනදා සවස 2ට මානව හිමිකම් කාර්යාලයට පැමිණීමට නියමිත බවටද යාපනය මානව හිමිකම් කාර්යාලයේ ප්‍රාදේශීය සම්බන්ධීකාරක ටී. කනකරාජ් මහතා වැඩිදුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
මුලින්ම “උඹ කටවහපන් ” කියාල පොලිස් නිළධාරියට තර්ජණය කරලා දැන් මොහු කියනවා ඔහුට තර්ජනය කළා කියල .කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නීතිද මොහු ගෙනෙන්න හදන්නේ . මේ පොන්නම්බලම් විතරක් නෙවෙයි ඔහුගේ පියා මෙන්ම සීයා තමයි දෙමල ජනතාව අතරේ ජාතිවාදය අවුස්සන්න මුල පිරුවේ. ඔවුන් හිස උදුම්මගෙන ඉස්මත ඉහල කුළවල දෙමළ පුද්ගලයන් ලෙස තමන්ගේම දෙමළ අයට කථා කලෙත් මේ විධියටම තමයි. පට්ට පල් බොරු කියලා දෙමල මිනිසුන් අතර සිංහලයන් කෙරෙහි වෛරයක් ඇතිකළේ මොවුන්.