ලංකා ලීඩ් වෙත කතා කළ නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරියෙකු සඳහන් කළේ විදුලි බිල වැඩිකරීම සඳහා අනුමැතිය ලබාදුන් ලියවිල්ල හොර ලියවිල්ලක් බවය.
එම ලියවිල්ලට කොමිසමේ මුද්‍රාව තබා ඇත්තේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ඉදිරියේ දී නොව ජනාධිපතිවරයා ඉදිරියේ දී ය. එය පනතට අනුව නීති විරෝධී වේ.
එය සිදුවී ඇත්තේ මෙසේය,
කොමිසමේ සභාපති හා අධ්‍යක්ෂ ජෙනරාල් විදේශගතව සිටියදී කොමිසමේ ලේකම් සහ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂකවරයකු ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවූ ජනාධිපතිවරයා ඔවුන්ට අදාළ ලේඛනයේ අත්සන් තබා මුද්‍රාව තබන ලෙස බලකර ඇත.
නමුත් ලේකම්වරිය එසේ සභාපති සහ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නොමැතිව මුද්‍රාව තැබීම නීතිවිරෝධී බැවින් මුද්‍රාව රැගෙන ගොස් නැත. ඒ අනුව ජනාධිපතිවරයා ලේකම්වරිය ජනාධිපති ආරක්ෂකයන් සමග වාහනයකින් කාර්යාලයට යවා මුද්‍රාව රැගෙන එන ලෙස බලකර ඇත.
මීට පෙර සාක්ච්ඡා මණ්ඩපයකදී අදහස් දැක්වූ හිටපු අගවිනිසුරු සරත්. එන්. සිල්වා මහතා ද එම ලියවිල්ල හොර ලියවිල්ලක් බවට හෙළිදරව් කරනු ලැබීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...