ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 26 දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ අද දිනයේ එම පක්ෂය විසින් රාජගිරිය මැතිවරණ කාර්යාලය ඉදිරියේ පැවැත්වීමට සංවිධානය කර ඇති විරෝධතාවයට අදාලවයි.
විරෝධතාවයේදී මාර්ග කිහිපයක උද්ඝෝෂණය කිරීම වළක්වාලමින් මෙම නියෝගය නිකුත් කර ඇති අතර, විජිත හේරත්, කේඩී ලාල්කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, වසන්ත සමරසිංහ ඇතුළු 26 දෙනකුට මෙම වාරණ නියෝගය අදාළ වෙයි.
කොටා පාර, නාවල පාර ඔස්සේ සරණ පාර, මැතිවරණ කාර්යාලය ප්‍රවේශ මාර්ගය, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මාර්ගය යන ප්‍රදේශයන්හි විරෝධතා පැවැත්වීම හා මාර්ග අවහිර කිරීම තහනම් කරමින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...