දේශීය පුවත්

සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කිසිඳු විෂය දැනීමක් නොමැතිව ඖෂධ ගෙන්වීම සඳහා ඉන්දියාවට යාම සම්බන්ධයෙන් හා එහිදී තරුපහේ හෝටලයක නතරවී අධික මුදලක් ගෙවීම සම්බන්ධයෙන් පසුගිය දා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ මහතා එල්ල කළ චෝදනාවලට කෙහෙළිය රඹුක්වැල්ල මහතා පිළිතුරු ලබාදෙමින් පවසන්නේ සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස තමාට ඉන්දියාවට යාමේ අයිතියක් ඇති බවය.

රූපවාහිනී නාලිකාවක සංවාදයකට එක් වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

එමෙන්ම තමන්ට රටයාම සඳහා අමුතුවෙන් පුරුදුවිය යුතු දෙයක් නැති බවද, මෙය තමාගේ 17 වැනි විදෙස් ගමන් බලපත්‍රය බව ද ඔහු පවසයි.

තමන්ගේ ක්‍රෙඩිට් කාඩ්වල ඇති මුදල් ගැන ද පවසන ඇමැතිවරයා, මෙම ගමනේ දී හෝටලයේ බිල ගෙවන ලද්දේ තමාගේ මිතුරෙකුගෙන් ඉල්ලාගෙන බවද පවසයි.

වීඩියෝව නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More