බෞද්ධාගමට අපහාස කළ නතාෂා එදිරිසූරියගේ නඩුවේ දී බෞද්ධාගම විනාශ කිරීමට සැලසුම් සහගත ක්‍රියාදාමයක් සිදු වන බවට නීතීඥ රවීන්ද්‍ර මනෝජ් ගමගේ මහතා අධිකරණයේ දී හෙලිදරව් කර තිබේ.
ඒ මහතා මෙම නඩුව පිළිබඳව සිය මුහුණුපොතේ තැබූ සටහනක් පහළින්…
“අද දවසගේ නතාෂාගේ නඩුවට ඉදිරිපත් වී බෞද්ධාගමට කරන සැලසුම් සහගත විනාශය ගැන මම දැක් වූ කරුණු ගැන ප්‍රශංසා කරපු හැමෝටම ස්තුතිය පළ කරනවා මුලින්ම.
ඒ වගේම මා සමග කිසිදු ආර්ථික ප්‍රතිලාභයක් නොමැතිව ඒ සදහා පෙනී සිටිය අනිත් නීතීඥ සහෝදරයන් වන නලින් සමරකෝන්,කැලුම් හේවගේ,සුසන්ත කුමාර,සාගර බන්ඩාර ,ජගත් බන්ඩාර යන අයටත් සමාන ගෞරවයක් ලැබිය යුතුයි.
නීතීඥවරයෙකු වීමට ප්‍රථම මා බෞද්ධයෙකු වූ බවත් මුදලින් මෙලොව සැප සම්පත් විදීම සතුටක් ලෙස බොහෝ දෙනා විශ්වාස කලද මා ඇතුළු සමස්ත බෞද්ධ ජනයාගේ උතුම් ශාස්ත්‍රිවරයාණන් වන සම්මා සම්බුදු පියාණන්ට අපහාස උපහාස කල මෝඩ ජෝක් කරන විට නිවටයන් සේ තවදුරටත් නිහඩව නොසිටින බවත් දේශපාලනය පසෙකින් තබා ඒ වෙනුවෙන් සිට ගැනීමට අපි සියල්ල පසුබට නොවන බවත් සියලු මෝඩ ජෝකර්ලා දැන ගත යුතු බවත් දැඩිව අවධාරණය කරමි.”
– නීතීඥ මනෝජ් ගමගේ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...