පසුගිය දා දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් රාජකාරියේ නියුතුව සිටි පොලිස් නිලධාරීන්ට චණ්ඩි පාර්ට් දැමූවේ තම ඡන්ද පදනම වැඩිකර ගැනීමට බවත්, එම මන්ත්‍රීවරයා සෑම විටම ගැටුම් ඇතිකර ගනු ලබන්නේ තමන්ගේ ඡන්ද ගොඩ වැඩිකර ගැනීම සඳහා බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ත මහතා පවසයි.
1944 දී ඔහුගේ සීයා ද ජාතිවාදී පදනමෙන් දේශපාලනයට පිවිසුනු අයෙක් බවත්, ඔහු වතුකරයේ දෙමළ ජනතාවගේ පුරවැසිභාවය වෙනුවෙන් පෙනීසිටින බව පවසමින් එවකට පැවති ආණ්ඩුවෙන් ඇමැතිකමක් ලබාගැනීමට ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ බවත් අරුන් සිද්ධාර්ථ මහතා හෙළිකරයි.
ජාතිවාදය හා මැරකම ගජේන්ද්‍ර කුමාර්ගේ දේශපාලන උපක්‍රම බවයි අරුන් සිද්ධාර්ථ මහතා වැඩිදුරටත් පවසන්නේ.
වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...