රජය විසින් කුකුළු මස් ආනයනය කිරීමට යන බවට තොරතුරක් වාර්තා වී ඇති බවත්, මෙය කුකුළු මස් ආනයනයට මුවා වී කොමිස් ගැසීමේ වුවමනාවෙන් සිදුකරන දෙයක් බවත් ව්‍යවසායක අරුණ කාන්ත බණ්ඩාර මහතා පවසයි.
එසේ නොමැතිව රටේ එවැනි අවශ්‍යතාවක් නැති බවත්, මෙරට දේශීය කුකුළු මස් කර්මාන්තය අඩපන කිරීමට උත්සාහ දරන්නේ ඔරොත්තු නොදෙන පාලන මිලක් දැමීමෙන් බවත් ඒ මහතා පෙන්වා දෙයි.
මෙමගින් ගැටලු ඇති වන්නේ කුකුළු මස් කර්මාන්තයට පමණක් නොව සමස්ත කෘෂිකාර්මික පද්ධතියටම බවයි ඔහු පෙන්වා දෙන්නේ.
කුකුළු මස් කර්මාන්තය පසු පසින් සිටින සත්ත්ව ආහාර කර්මාන්තය මෙමගින් බිඳ වැටෙන බවද, සහල් කර්මාන්ත ශාලාවලින් නිකුත්කරන අපද්‍රව්‍ය හා පොල්තෙල් කර්මාන්තයෙන් නිපදවන පුන්නක්කු මෙන්ම බඩඉරිඟු කර්මාන්තයෙන් ලබා ගන්නා ද්‍රව්‍ය සියල්ලම සත්ත්ව ආහාර ලෙස කුකුළු මස් කර්මාන්තයට යොදාගන්නා නිසා එම කර්මාන්ත සියල්ල මෙම තත්ත්වය මත බිඳ වැටෙන බවද ඒ මහතා සාධක සහිතව පෙන්වා දෙයි.
මෙම ක්‍රියාදාමය හරහා සමස්ත කෘෂිකර්මික පද්ධතියම බිඳවැටෙන බවයි අරුණ කාන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් පවසන්නේ.
වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...