රුපියල අද වන විට ශක්තිමත් වී ඇත්තේ කෘතිම පාලනයක් හේතුවෙන් බවත්, වැඩි කලක් යාමට පෙර එය වෙනස් වන බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.
විදෙස් රටවලින් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් ශ්‍රී ලංකාවට ඉහළ පොලියක් යටතේ ලබාගත් බවද, ඒ හේතුවෙන් මෙසේ රුපියල ශක්තිමත් වී ඇති බවද පවසන හිටපු මහ බැංකු අධිපතිවරයා, එම මුදල් සඳහා 25% ක ඉතා ඉහළ පොලියක් ගෙවමින් ඇති බවද සඳහන් කරයි.
පසුගිය මාස තුනේ දී පමණක් රුපියල, හැත්තෑවකින් පමණ අධි ප්‍රමාණය වී ඇති බවත් එහි වාසිය ගොස් ඇත්තේ වෙන කිසිවකුට නොව එම ඩොලර් ලබා දුන් පුද්ගලයන් පිරිසට පමණක් බවත් ඒ මහතා සඳහන් කරයි.
මෙතරම් ඉහළ වාසියක් වෙන අවස්ථාවක එසේ මුදල් ලබා දෙන පුද්ගලයන් ජාත්‍යන්තරයේ සිටින බවද, ඔවුන් එම වාසිය ලබාගෙන නැවතත් එම මුදල් ආපසු ගෙන ගිය පසුව ඇති වන ඵලවිපාක වලට මෙරට ජනතාවට විඳීමට සිදුව ඇති බවද හෙතෙම පවසයි.
කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...