දේශීය පුවත්

2014 වසරේදී දී රුසියාව සමඟ එක්වීමට තෝරා ගැනීමට පලිගැනීම වෙනුවෙන් ක්‍රිමියාවට හානි කිරීමේ අරමුණින් යුක්රේනය Kakhovka වේල්ල විනාශ කිරීම “සිතන්නට බැරි අපරාධයක්” බව එක්සත් ජාතීන්ගේ රුසියානු නිත්‍ය නියෝජිත වසිලි නෙබෙන්සෙ ඊයේ (07 )එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හමුවේ ප්‍රකාශ කළේය.

රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයා වැඩිදුරටත් කරුණු දක්වමින් 2022 දෙසැම්බරයේ Kakhovka වේල්ලට එක්සත් ජනපදය සැපයූ HIMRAS රොකට් භාවිතා කරමින් යුක්‍රේනය ප්‍රහාර එල්ල කළ බවට එක්සත් ජනපද මාධ්‍ය වාර්තා පල වූ බවද ඔහු පෙන්වා දුන්නේය.

“සම්පූර්ණ දණ්ඩමුක්තිය දැනීම සහ යුක්‍රේනයේ බටහිර අනුග්‍රාහකයින් විසින් ක්‍රිමියානු වැසියන්ගෙන් පලිගැනීම දිරිමත් කිරීම නිසා, කියෙව් පාලනය මෙවර මෙම ත්‍රස්තවාදී කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට තීරණය කළා.” නෙබෙන්සියා පැවසීය. යුක්රේනියානුවන් Dnepropetrovsk ජල විදුලි බලාගාරයෙන් ජලය බැහැර කිරීම සැලකිය යුතු ලෙස වැඩි කර ඇති නිසා වේල්ල පිපිරීමෙන් ඇති වූවාට වඩා විශාල ගංවතුරක් පහත් බිම් වෙත ගලා ඒමට තුඩු දී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.”මෙම  කඩාකප්පල්කාරී ක්‍රියාව කලින් සැලසුම් කර ඇති බව බැලූ බැල්මට පෙනෙන්නට තිබෙනවා.” නෙබෙන්සෙ අවධාරණය කළේය.

මෙම ත්‍රස්තවාදී ක්‍රියාවෙහි අරමුණ වූයේ දැනට Zaporozhye ප්‍රදේශයේ සිරවී සිටින රුසියානු හමුදාවට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පැමිණි යුක්‍රේන හමුදා නිදහස් කිරීම වන අතර ඒ වෙනුවෙන් Kherson කලාපයේ ජීවත්වන ජනයාට දැවැන්ත මානුෂීය හානියක් සිදු කර ඇති බව නෙබෙන්සියා පෙන්වා දුන්නේය.

පිපිරීම හේතුවෙන් හටගත් ගංවතුර තත්වය ඩෙනිපර් ගඟ දෙපස තිබෙන නගර දුසිමකට වඩා වැඩි ප්‍රමානයක් වාසයට නුසුදුසු බවට පත් කළා පමණක් නොව, රුසියානු අර්ධද්වීපයට ජලය සපයන උතුරු ක්‍රිමියා ඇළෙහි ජල මට්ටම පහට බැසීමටද මෙම තත්වය හේතුවක් විය.2014 වර්ෂයේ පැවැති ජනමත විචාරණයේදී ක්‍රිමියාව නැවත රුසියාවට එක්වීමට ඡන්දය දීමෙන් පසු යුක්රේනය මෙම ඇළ වසා දමා තිබුණි. එසේ වුවද ඇල පසුගිය වසරේ රුසියානු හමුදා විසින් එම ප්‍රදේශය පාලනය කර ගත් පසු නැවත විවෘත කරනු ලැබුවේය.

නෙබෙන්සෙට අනුව, කියෙව් පරිපාලනය “නැවත වරක් ක්‍රිමියානුවන් රුසියාවට පක්ෂව කටයුතු කිරීමට පළිගැනීමක් ලෙසත් ක්‍රිමියාවේ ජනයාට ජලය සැපයීම නවතා දැමීමට තීරණය කළේය.”

Zaporozhye න්‍යෂ්ටික බලාගාරයට ෂෙල් ප්‍රහාර එල්ල කිරීම හා බෝල්ටික් මුහුද පතුලේ ඇති Nord Stream ගෑස් නල මාර්ග විනාශ කිරීම පිටුපස මොස්කව් සිටි බවට මීට පෙර එල්ල වූ චෝදනාවලට සමානව, වේල්ල විනාශ කිරීමට රුසියාව වගකිව යුතු බවට යුක්‍රේනය, එක්සත් ජාහින්ගේ සහ යුරෝපා සංගමයේ නිලධාරීන් කරන ප්‍රකාශයන් “හොඳින් සම්බන්ධීකරණය කරන ලද සාවද්‍ය තොරතුරු ව්‍යාපාරයක්” ලෙස නෙබෙන්සෙ ප්‍රතික්ෂේප කළේය. .

රුසියානු නියෝජිතයාට අනුව, කියෙව් හමුදා ක්‍රිමියානු පාලමට බෝම්බ හෙලීමේ සිට මාධ්‍යවේදීන් වන Darya Dugina සහVladlen Tatarsky ඉලක්ක කරගත් ඝාතන සහ Zakhar Prilepin ඝාතනය කිරීමට උත්සාහ කිරීම දක්වා ත්‍රස්තවාදී උපක්‍රම සම්පූර්ණයෙන්ම වැලඳගෙන ඇත. එලෙසම බටහිර රජයන් කිසිවක් මේවා හෙළා දැකීමට වචනයක් හෝ නොකී බවද ඔහු පෙන්වා දුන්නේය.

“Nord Stream ගෑස් නල මාර්ගය විනාශ කිරීම සහ සිරියාවේ Tabqa වේල්ල හිතාමතාම ඉලක්ක කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු හොඳ ගුරුවරුන් කියෙව් පාලනයට උපදෙස් දෙමින් සිටිනවා. බටහිර රටවල් මිනිසත් බවට නොගැලපෙන ක්‍රියා අනුන් ලවා කරවීම පුරුද්දක් කර ගෙන තිබෙනවා.” රුසියානු නියෝජිතයා ආරක්ෂක මණ්ඩලයට පැවසීය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More