දේශීය බිත්තර ව්‍යාපාරිකයාට පැවතිය නොහැකි පාලන මිලක් පනවා දේශීය බිත්තර කර්මාන්තය විනාශ කිරීම මගින් බිත්තර ආනයනය කිරීමට ජාවාරමක් අරම්භ කිරීමට මුල් වූයේ වෙළෙඳ ඇමතිවරයා බවට පසුගිය දිනවල චෝදනා එල්ල විය.
ඊට පෙර සතොස ආයතනය තුළ දූෂණ වංචා වලට අදාළව ද නලින් ප්‍රනාන්දු සභාපතිවරයාට එරෙහිව චෝදනා එල්ල විය. මෙවර බිත්තර ආනයනය කරන තම හිතවතුන්ට ආනයන බදු ඉවත්කර විශාල සහනයක් ලබාදී ඇති බවට ද බිත්තර නිෂ්පාදකයෝ චෝදනා කරති.
දැන් කුකුළු මස් ආනයනයට ඉඩ සලසමින් බදු සහන ලබා දෙමින් පාලන නීති ලිහිල් කිරීමට වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සූදානම් වන බව දේශීය කුකුළු මස් ව්‍යාපාරිකයෝ චෝදනා කරති. මෙසේ තම හිතවතුන්ට ජාවාරම් අවස්ථා නිර්මාණය කරමින් දේශීය නිෂ්පාදන ආර්ථිකය විනාශ කරන වෙළෙඳ ඇමැතිවරයාට එරෙහිව වහා පියවර ගත යුතු බව දේශීය නිෂ්පාදකයෝ පෙන්වා දෙති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...