විශ්‍රාම ගොස් සහ සේවය හැරගොස් සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සංඛ්‍යාව දැනට ගණනය කරමින් සිටින බවත් ඒ පිරිස බඳවා ගැනීමේ වැඩකටයුතු මේ වන විට කරමින් සිටින බව ත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පාර්ලිමේන්තුවේදී ඊයේ (ජූනි 6) පැවසීය.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 2070ක හිඟයක් ඇති බවත්, එය 22.67%ක ප්‍රතිශතයක් බවත් ඇමැතිවරයා පවසයි.
මෙහිදී වැඩිදුර අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා,
“රජයේ විශ්වවිද්‍යාලවල මේ වන විට සිසුන් 132,350ක් ඉගෙනුම ලබනවා. මෙයින් පිරිමි ළමයින් ගණන 46,581යි. ගැහැනු ළමයින් සංඛ්‍යාව 85,769යි. ඒ කියන්නේ දෙගුණයකට ආසන්නයි. සිසුන් වැඩිපුර බඳවා ගත්තත් ඊට සාපේක්ෂව ආචාර්යවරුන් බඳවා ගත්තේ නැහැ. දේශන ශාලා පහසුකම් ලැබුණෙත් නැහැ. මේ නිසා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ටත් විශාල පීඩනයක් එනවා.
දැනට ස්ථීර සේවයේ නියුතු ආචාර්යවරු සංඛ්‍යාව 7061ක් වන අතර තාවකාලික සේවයේ නියුතු ආචාර්ය සංඛ්‍යාව 1061ක් වෙනවා.
ජනාධිපතිතුමා සමග විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පෙර පැවති හමුවකදී මේ පිළිබඳ සාකච්ඡා කෙරුණා. විශ්වවිද්‍යාල ගුරුවරුන්ගේ හිඟය ජාත්‍යන්තර වශයෙන් උපාධි සහතිකය සඳහා බලපෑමක් ඇති නොකරන නමුත් විශ්වවිද්‍යාල රේටින්ස් කිරීමේදී අගය පහළ යාමට හේතුවක් වෙනවා. ආචාර්ය සංඛ්‍යාව අඩු වූවා කියා කිසි ම අයුරකින් උපාධියේ ප්‍රමිතිය අඩු වී නැහැ.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...