දේශීය පුවත්

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්‍ත්‍රීවරයා සමග ආන්දෝලනාත්මක සිද්ධිය ඇතිවූ පොලිස් නිලධාරීයා වන්නේ පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතාය.

ඔහු 1990 වසරේදී ඔඩ්ඩුසුඩාන් පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරමින් සිටින අතරතුර LTTEයේ පැහැරගැනීමට ලක්වී එම කඳවුරක වධ බන්ධනවලට ලක් වූ අයෙකි.

එල්.ටී.ටී.ඊ.යෙන් නිදහස ලබා පැමිණි සනත් ගුණවර්ධන පොලිස් සැරයන් ධුරයට උසස් කෙරුණු අතර යළි උතුරු පළාතට ස්ථාන මාරුවක් ලද ඔහු එහි රාජකාරී කරමින් සිටින අතරතුරයි මෙම සිද්ධියට මුහුණ දී තිබුණි.

මේ අතර පොලිස් නිලධාරීන් පිරිසක් සමග ආරවුලක් ඇති කරගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාගේ විදෙස් ගමන් තහනම් කිරීමට කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේය.

මේ අතර මන්ත්‍රිවරයා සිය බලතල අවභාවිත කර ඇති බැවින් ඔහුට එරෙහිව නිසි පියවර ගන්නා ලෙස ඉල්ලා සිවිල් සංවිධානයක් ද කථානායකවරයා වෙත සංදේශයක් භාරදී තිබේ.

ඊයේ දියේ දී කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් පිරිසක් සිය නිවසට පැමිණ සිංහල භාෂාවෙන් ලිඛිත නිවේදනයක් තමාට ලබාදුන් බව පොන්නම්බලම් මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණි.

මන්ත්‍රිවරයා සඳහන් කර තිබුණේ නමුත් සිංහල ලිවීමට හෝ කියවීමට නොහැකි නිසා තමා එය භාරගැනීම ප්‍රතික්ෂේප කළ බවය.

පසුව පොලිස් නිලධාරීන් එය සිංහලෙන් තමා ඉදිරියේ කියවූ බවත් එහි ප්‍රකාශ වූ පරිදි තමාට ජුනි 8 වැනිදා උදෑසන 10 ට මරදන්කේනි පොලිසියේ පෙනී සිටීමට සිදුව ඇති බවත් මන්ත්‍රිවරයා පවසා තිබුණි.

එමෙන්ම තමා පොලිසියේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන තෙක් සිය විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් කිලිනොච්චි අධිකරණයෙන් නිකුත් කර ඇති බවත් මන්‍ත්‍රිවරයාගේ ට්විටර් ගිණුමේ සඳහන්ව ඇත.

පොලීසිය පවසන්නේ එම පණිවිඩය දෙමළ බසින් ලිඛිතව යළිත් වරක් මන්ත්‍රිවරයා වෙත ලබාදීමට ඊයේ පස්වරුවේදී පියවර ගත් බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More