විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ දශක දෙකකට වැඩි කාලයක් පුරා සාකච්ඡා වූ කලාපීය බලශක්ති ජාල ගතකිරීමේ වැඩපිළිවෙල කඩිනම් කර ඇති බවයි.
2030 වන විට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලිබල ජාල ඒකාබද්ධ කිරීමට අවශ්‍ය ප්‍රමුඛත්වය ලබාදීමට රජය තීරණය කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික අවබෝධය සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ව්‍යපාරික රාමුව සකස් කිරීමට අවශ්‍ය සහාය ලෝක බැංකුව මඟින් විදුලිබල මණ්ඩලයට ලබාදෙමින් පවතින බව සඳහන්ය.
ලෝක බැංකුවේ කලාපීය ජාලගත කිරීමේ වැඩපිළිවෙලේ අධ්‍යක්ෂ සෙසිල් ෆෘමන් සහ ලෝක බැංකුවේ මෙරට කළමණාකරු චියෝ කන්ඩා යන මහත්වරුන් සමඟ මේ සම්බන්ධයෙන් සහ පුනර්ජනනී බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් කංචන විජේසේකර අමාත්‍යවරයා සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...