දේශීය පුවත්

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) හා ජාත්‍යන්තර පර්යේෂණ හා හුවමාරු මණ්ඩලය (IREX) යන ආයතන විසින් මෙහෙයවන ලබන ජංගම මාධ්‍යකරණය හා ඩිජිටල් කතන්දර වාර්තා කිරීමේ වැඩමුළුවක් මෙරට දී සංවිධානය කර තිබේ.

ජුනි මස 24 හා 25 යන දිනවල දී කොළඹ මැරියට් කෝර්ට්යාඩ් හෝටලයේ දී මෙම වැඩමුළුව පැවැත්වෙන අතර, එය සංවිධානය කර ඇත්තේ මෝජෝ ලංකා (MOJO LANKA) ආයතනය විසිනි.

ජංගම මාධ්‍යකරණ කලාව ප්‍රවෘතිවල සිදුවන විශාලම විප්ලවය ලෙස හඳුන්වමින් ස්මාර්ට් ජංගම දුරකථන හරහා පුවත් සමාජගත කරමින් සමාජය තුළ පුළුල් ප්‍රචාරයක් ලබාදීම මෙම වැඩසටහන හරහා ඉගැන්වීම සිදුවන බවයි වාර්තා වන්නේ.

අමෙරිකානු USAID මගින් වාර්ෂිකව මෙවැනි වැඩසටහන් මෙරට දී සංවිධානය කරනු ලබන අතර, මෙම ආයතනය හරහා පුහුණුව ලැබූ බොහෝ දෙනා පසුගිය අරගල සමයේ දී සමාජ මාධ්‍ය තුළ අරගලයට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමට මෙන්ම විවිධ අසත්‍ය ප්‍රකාශ හරහා සමාජය විනාශකාරී තැනකට තල්ලු කිරීමට ප්‍රමුඛව ක්‍රියාකළ බවට ද විවිධ පාර්ශව චෝදනා නගා තිබිණි.

එබඳු වාතාවරණයක් යටතේ මෙම අමෙරිකානු ආයතන මෙරට මාධ්‍ය කලාවේ විප්ලවයක් ඇතිකරණ බව පවසමින් සිදුකිරීමට යන මෙම වැඩසටහන් හරහා පසුගිය ක්‍රියාවලියේම දෙවන වටය සඳහා පිරිස් සූදානම් කිරීමක් සිදුකිරීමට ලකලැහැස්ති වන්නේ දැයි ප්‍රශ්නාර්ථයක් මතුවී තිබේ. මේ නිසා මේ පිළිබඳව සමාජය අවදියෙන් සිටිය යුතු බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

අදාළ වැඩසටහනේ නිවේදනය පහළින්…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More