දූෂණ විරෝධී පනත් කෙටුම්පතෙහි සමහර වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (6)දැනුම් දුන්නේය.
පනතේ අනුකූල නොවන කරුණු සංශෝධනය කළහොත් ගැටලුවක් ඇති නොවන බවද ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කතානායකවරයා පවසයි.
කතානායකවරයා මෙසේ දැනුම් දුන්නේ සභාවේ කටයුතු ආරම්භයේදී නිවේදන ඉදිරිපත් කරමිනි.
රටේ අල්ලස දූෂණ මැඩපැවැත්වීම සඳහා රජය විසින් මේ දූෂණ මර්දන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට පසුගිය අප්‍රේල් මස 27 වැනිදා ඉදිරිපත් කරනු ලැබීය.
මෙම පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය පසුගිය අප්‍රේල් මස 3 වැනිදා නිකුත් කෙරිණ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...