දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට විපක්‍ෂනායක ධුරය ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 70 දෙනෙකුගේ අත්සන් සහිතව ලබන සතියේදී කථානායකවරයාට ලිපියක් බාරදීමට ඒකාබද්ධ විපක්‍ෂය සැලසුම් කර තිබුණත් බැසිල් රාජපක්ෂගේ විරෝධය හේතුවෙන් එය අසාර්ථක වන තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වෙයි.

ඒකාබද්ධ විපක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන්ගේ එකඟතාව ලැබීම හේතුවෙන් දිනේෂ් ගුණවර්ධන මහතා විපක්ෂනායක ධුරයට පත්කිරීමට විපක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන් තීරණය කර තිබිණ.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට බැසිල් රාජපක්ෂගේ අදහස වී ඇත්තේ විපක්ෂනායක ධුරය රාජපක්ෂ පවුලෙන් පරිභාහිර පුද්ගලයකුට ලබාදීම වැරදි පුර්වාදර්ශයක් විය හැකි බවත් එය ජනාධිපති අපේක්ෂකත්වය දක්වා වූ යෝජනාවක් බවට ඇදීයාමේ අවධානමක් මතුකරන්නක් විය හැකි බවත්ය.

එමෙන්ම මේ වන විටත් රාජපක්ෂ පවුල හරහා ගොඩනැගී ඇති ව්‍යාපාරය හදිසියේ තනතුරු අත්පත්කර ගැනීමට ගොස් අවධානමේ නොදැමිය යුතු බවත් විපක්ෂනායක ධුරය කෙසේහෝ ලබාගත්තත් එය ඒකාබද්ධ විපක්ෂයේ සිටින කුඩා පක්ෂයක නායකයකු අනවශ්‍ය ලෙස ඉස්මතුවීමක් හැර ජාතික වැදගත්කමක් ලැබෙන දෙයක් නොවන බව බැසිල් රාජපක්ෂගේ අදහස වී ඇති බවද දැනගන්නට ඇත.

කෙසේ වුවත් බැසිල් රාජපක්ෂගේ විරෝධය සම්බන්ධව ඔහු සමඟ සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පිරිසක් සුදානමින් සිටින බවද එම පාර්ශවයේ දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More