කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගිනිකොණදිග අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය අද (06) සවස 2.30ට නිකුත් කර ඇති අතර ඉදිරි පැය 24 පුරා බලපැවැත්වේ.
මෙම පීඩන අවපාතය වයඹ දෙසට ගමන් කරමින් අද මධ්‍යම රාත්‍රියේ දී පමණ සුළි කුණාටුවක් දක්වා ක්‍රමයෙන් වර්ධනය වීමට බොහෝ විට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඉදිරි පැය 24 තුළ මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුරු අක්ෂාංශ 7 – 15ත් සහ නැගෙනහිර දේශාංශ 62 සහ 68ත් අතර මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී 60 – 70ත් අතර විටින් පැ.කි.මි 75 – 80ත් දක්වා වැඩිවිය හැකිය.
මේ හේතුවෙන් ඉහත සඳහන් කළ මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන ධීවර සහ නාවික ප්‍රජාවන්ට වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...