දේශීය පුවත්

රුසියානු ඔත්තුකරුවෙකු ලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ හිටපු එෆ්බීඅයි නියෝජිත රොබට් හැන්සන් කොලරාඩෝ ප්‍රාන්තයේ ෆ්ලොරන්ස් ඇඩ්මැක්ස් සිරගෙදර ඔහු සිර කර සිටි සිර මැදිරිය තුළ ඊයේ(5) මියගොස් සිටියදී සොයා ගත් බව එක්සත් ජනපද බන්ධනාගාර කාර්යාංශය පවසයි.

හැන්සන් සිහිසුන්ව සිටින අයුරු දැක ඇති බන්ධනාගාර කාර්ය මණ්ඩලය ඔහුව සිහි ගැන්වීමට උත්සාහ කළ අතර “හදිසි වෛද්‍ය සේවාවන්ද ඉල්ලා සිටි” බව බන්ධනාගාර කාර්යාංශයේ ප්‍රකාශිකා ක්‍රිස්ටී බෙෂියර්ස් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. කෙසේ වුවද හදිසි වෛද්‍ය සේවා නිලධාරීන් විසින් රැඳවියා මිය ගිය බව ප්‍රකාශ කරන ලද බව ක්‍රිස්ටී බෙෂියර් සිය නිවේදනයෙන් කියා සිටියි.

මිය යන විට 79 හැවිරිදි වියේ පසුවූ ඔහු දිනකට පැය 23ක් රැඳවියන් හුදකලාවේ තබාගැනීම සම්බන්ධයෙන් කුප්‍රකට සුපර්මැක්ස් ආරක්ෂක බන්ධනාගාරය තුළ උපරිම පහසුකම් සහිතව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටියේය.

2001 පෙබරවාරි මාසයේදී වර්ජිනියා උද්‍යානයක හැන්සන් අත්අඩංගුවට ගනු ලැබීය. දීර්ඝ නඩු විභාගයකින් පසුව ඔහු සෝවියට් සංගමයට සහ පසුව රුසියාවට රහසිගත තොරතුරු විකිණීම සම්බන්ධයෙන් වරද පිළිගත් අතර 2022 මැයි මාසයේදී ඔහුට දඬුවම් නියම කළේය.

එෆ්බීඅයි තුළ සංකේත්යක් ලෙස කැපී පෙනුනු ඔහුගේ වෘත්තීය ජීවිතය 1979 දක්වා දිව ගියේය. වසර 20කට වැඩි කාලයක් පුරාවට හැන්සන් කිසි දිනෙක රුසියාවට නොපැමිණියේය. එලෙසම ඔහුව හසුරුවන්නන්ව සෘජුව මුණගැසී නැත. ඛ්ඝ්ඹ් සහ එහි අනුප්‍රාප්තික ඒජන්සිය SVR ඔත්තු සේවය ඔහුව දැන සිටියේ “Ramon Garcia” යන අන්වර්ථ නාමයෙන් පමණි. ඔවුන් දේශීය පුවත්පතක “කාර් විකිණීමට තිබේ” යන දැන්වීම් හරහා සන්නිවේදනය කළහ.

එක්සත් ජනපද ප්‍රති-බුද්ධි අංශය තුළ ඔහු දැරූ තනතුර නිසා, හැන්සන් සෝවියට් දේශය ඉලක්ක කරගත් රහස් මෙහෙයුම් පිළිබඳ සියලු තොරතුරු පාහේ දැන සිටියේය. මුදල් හා දියමන්ති වෙනුවෙන් හැන්සන් මොස්කව් වෙත අලෙවි කළ රහස් අතර, ඇමරිකානුවන් සඳහා රහසිගතව සේවය කරන අවම වශයෙන් KGB නිලධාරීන් තිදෙනෙකුගේ අනන්‍යතාවයන්, න්‍යෂ්ටික යුද්ධය සඳහා එක්සත් ජනපද සූදානම සහ වොෂින්ටනයේ සෝවියට් තානාපති කාර්යාලය යටින් රහසිගත උමගක් පැවතීම යන තොරතුරුද විය. එෆ්බීඅයි සේවය හැන්සන්ව හඳුන්වන්නේ “කාර්යාංශයේ ඉතිහාසය තුළ වඩාත්ම හානිකර ඔත්තුකරුවා” ලෙස වන අතර ඔහුගේ ක්‍රියාකාරකම් විස්තර කර ඇත්තේ “එක්සත් ජනපද ඉතිහාසයේ දරුණුතම බුද්ධි ව්‍යසනය” ලෙසය.

හිටපු එක්සත් ජනපද ආයුධ පරීක්ෂක ස්කොට් රිටර්ට අනුව, හැන්සන්ගේ හෙළිදරව් කිරීම්, සීඅයිඒ ස්ංවිධානයේ ද්විත්ව නියෝජිතයන් වූ එඩ්වඩ් ලී හොවාර්ඩ් සහ ඕල්ඩ්‍රිච් ඒම්ස්ගේ හෙළිදරව් කිරීම් මගින් 1980 ගණන්වල මැද භාගයේදී සෝවියට් රුසියාවේ ක්‍රියාත්මක වූ සීඅයිඒ සංවිධානයේ මානව බුද්ධි ජාලයන් වචනානුසාරයෙන් විනාශ කිරීමට සමාන්තරය.

මේ අතර, හැන්සන් තම බිරිඳ බොනී සහ දරුවන් හය දෙනා සමඟ තදාසන්න ප්‍රදේශවල නිහඬ ජීවිතයක් ගත කළේය. බොනී පසුව මාධ්‍යවේදීන්ට කියා සිටියේ 1979 දී ඔත්තු බැලීම සම්බන්ධයෙන් ඇය තමාට හසූ වූ නමුත් ඔහු සෝවියට්වරුන්ට ව්‍යාජ තොරතුරු ලබා දීමෙන් සෝවියට්වරුන්ව”මුළා කරන” බව ඇයට ඒත්තු ගැන්වීමට ඔහුට හැකි වූ බව අනාවරණය කළාය.

2020වර්ෂයෙ මාර්තු මස පැවැති රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී    SVR   ප්‍රධානී සර්ජි නරිෂ්කින් පැවසුවේ ඒම්ස් සහ හැන්සන් “සෝවියට් සංගමයේ ආරක්ෂාව සඳහා  කැපී පෙනෙන දායකත්වයක් සරලවම ලබා දී ඇති” බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More