නිල කාලය අවසන් වී ඇති පළාත් පාලන ආයතන පාලනය කිරීමට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වෙත බලය පවරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ලිපියක් නිකුත් කර ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුව රජය විසින් ඔවුන්ට හිතවත් හිටපු පළාත් පාලන නියෝජිතයන් සහ තම ගෝලබාලයන් යොදා ගනිමින් මෙම ආයතන පාලනය කිරීමට කටයුතු කරමින් සිටින බවට සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂන රාජකරුණා සඳහන් කරයි.
පළාත් පාලන පනත උල්ලංඝනය කරමින් මෙම කටයුත්ත කරගෙන යන බව පවසමින් ඊට එරෙහිව අග්‍රාමාත්‍යවරයා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා වගඋත්තරකරුවන් කරමින් අභියාචනාධිකරණට පෙත්සමක් ද ගොනු කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ශණ රාජකරුණා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ද මේ අවස්ථාවට සහභාගි වී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...