දේශීය පුවත්

යුක්රේන හමුදා දෙවන දිනටත් රුසියානු හමුදාවන්ට එරෙහිව විශාල ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ බව රුසියාවේ සපොරොෂි කලාපයේ පරිපාලන නිලධාරියෙකු වන වැලඩිමිර් රොගොව් ඊයේ(5 ) මාධ්‍ය වෙත පැවසීය.රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයට අනුව කියෙව් හමුදාවන්ට සොල්දාදුවන් 250 ක් සහ යුද ටැංකි 12 කට වඩා අහිමි වීමත් සමඟ කියෙව් හමුදා රුසියාවට එරෙහිව ජූනි 4 වනදා කළ පළමු යුද මෙහෙයුම අසාර්ථක විය.

ප්‍රහාරය ඊයේ(5 ) අලුයම ඩොනෙට්ස්ක් කලාපයේ Vremevka ගම්මානය අසල ආරම්භ වූ බව රොගොව් සමාජ මාධ්‍යවෙත අදහස් දක්වමින් පැවසීය. ඊයේ (5 ) එල්ල කළ ප්‍රහාරයට යුක්‍රේන හමුදා පෙරේදා (4 ) එල්ල කළ ප්‍රහාරයට වඩා හොඳින් සංවිධානය වී තිබුණු බව ඔවුන්ගේ තක්සේරුව බව ඔහු අනාවරණය කළේය.

රුසියාවට එරෙහිව විශාල ප්‍රතිප්‍රහාරයක් දියත් කිරීමට කියෙව් දිගු කලක් තිස්සේ වහසි බස් දෙඩීමට කටයුතු කරමින් සිටියේය. කෙසේ වෙතත්, ගෙවුනු සතිවලදී යුක්රේන නිලධාරීන් මෙහෙයුමේ ප්‍රමාදයන් සම්බන්ධයෙන් පැහැදිලි කරමින් පවසා සිටියේ මෙහෙයුම ඇරඹීමට ප්‍රථම ඔවුනට තවත් බටහිර ආයුධ අවශ්‍ය බවයි.

04 වනදා යුක්රේන හමුදා කළ මෙහෙයුම සම්බන්ධයෙන් අදහස් දක්වන රුසියානු හමුදාව යුක්‍රේන ප්‍රහාරය “මහා පරිමාණ” නමුත් “අසාර්ථක” ප්‍රහාරයක් ලෙස හැඳින්වූයේය. යුක්රේනයේ 23 සහ 31 යාන්ත්‍රික බලසේනා විසින් සිදු කරන ලද ප්‍රහාර රුසියානු හමුදා විසින් සාර්ථකව මැඩ පවත්වන ලද බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය වාර්තා කළේය. රුසියානු ආරක්ෂක හමුදාවන්ට අනුව ගැටුමේදී කියෙව් හමුදාවන්ට හමුදා සෙබළුන් 250 කට වැඩි ප්‍රමාණයක්, යුද ටැංකි 16 ක්, පාබල හමුදා ප්‍රවාහන රථ තුනක් සහ සන්නද්ධ රථ 21 ක් අහිමි වී තිබේ.

යුක්රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි පසුගිය සතියේ වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත් පත වෙත  අදහස් දක්වමින් ප්‍රහාරය සාර්ථක වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව පැවසුවේය. එලෙසම යුක්‍රේන හමුදා ලෝකයම පුදුමයට පත් කරවන ප්‍රතිප්‍රහාරයක් ආරම්භ කිරීමට සූදානම් බව අවධාරණය කළ අතර ඔහුගේ රජය රුසියාවට අත් පත් කරගත් සියලු ඉඩම් සම්පූර්ණයෙන්ම නැවත අත්පත් කර ගැනීම ගැටුමේ එකම පිළිගත හැකි ප්‍රතිඵලය බව අවධාරණය කළේය.

රුසියාවට මූලෝපායික පරාජයක් ලබා දීම සඳහා යුක්රේනයට හැකියාව ලැබෙන තෙක් සහාය දීමට එක්සත් ජනපදය හා එහි සහචරයෝ මේ වන විට ප්‍රතිඥා දී තිබේ. රුසියාවට එරෙහි වොෂින්ටනයේ නියෝජිත යුද්ධයේ කොටසක් ලෙස ඔවුහු මොස්කව් හමුදාව  නිර්වචනය කර ඇත.මේ අතර රුසියානු නිලධාරීන් අදහස් දක්වා ඇත්තේ යුක්රේනයට ආයුධ පොම්ප කිරීමෙන් බටහිර ජාතීන් හුදෙක් ගැටුම දිග්ගස්සනට කටයුතු කරන නමුත් ප්‍රතිඵලය වෙනස් කිරීමට නොහැකි වනු ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More