සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ මූල්‍ය වංචා සිදුවීම් රැසක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.
ඔහු ප්‍රකාශ කළේ, සිය පෞද්ගලික තොරතුරු වෙනත් පාර්ශවයක් වෙත ලබාදීමේදී වඩා සැලකිලිමත් විය යුතු බවය.
“මහජනතාවට කියන්න ඕනේ, කිසිම අවස්ථාවක තමන්ගේ පුද්ගලික තොරතුරු විශේෂයෙන්ම ජාතික හැදුනුම්පත් අංකය, ගමන් බලපත්‍ර අංකය, රියදුරු බලපත්‍ර අංකය, මේ වායේ ඡායාපිටපත්, තමා පදිංචි ලිපිනය, පවුලේ තොරතුරු, ඒ වගේම ගිණුම් තොරතුරු, බැංකු ගිණුම් තොරතුරු, විශේෂයෙන්ම බැංකු ගිණුම් සඳහා එකවරක් ලැබෙන OPT අංකය වැනි තොරතුරු කිසිදු හේතුවක් නිසාවත් තමන් නොදන්නා පාර්ශවයක් වෙත ලබාදෙන්න එපා. ආකර්ෂණීය යෝජනාවලට රැවටෙන්න එපා. විවිධ යෝජනා එන්න පුළුවන්. මේවාට රැවටෙන්න එපා කියන දේ තමා අපිට මහජනතාවට කියන්න තියෙන්නේ ශ්‍රී ලංකා පොලීසිය විදියට.”
මේ අතර මෙම වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 27ක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ වෙඩිවැදීමෙන් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇති බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...