දේශීය පුවත්

යාපනය, වඩමාරච්චි නැගෙනහිර තලයාඩි ක්‍රීඩාංගනයේදී පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකුගේ රාජකාරියට බාධාකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ උතුරු නැගෙනහිර කාන්තා ප්‍රධාන සංවිධායිකාව අද දින තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කිලිනොච්චිය මහෙස්ත්‍රාත් ස්මයිල් ජමිල් මහතා නියෝග කර ඇත.

එලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගතකෙරුණෙ කිලිනොච්චිය , මරදන්කේණි පදිංචි සගර්ණදේවි ජගතීෂ්වරන් නැමති සිවිල් සමාජ ක්‍රියාකාරිණියක ද වේ.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා සහ සැකකාර කාන්තාව ඇතුළු පිරිසක් පසුගිය 02 ජනහමුවක් සඳහා තලයාඩි ක්‍රීඩාංගනය වෙත පැමිණ සිටි අවස්ථාවේ එම ස්ථානය අසලට පැමිණ සිටි බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකු සමඟ මන්ත්‍රීවරයා මතභේදාත්මක තත්වයක් ඇතිකරගෙන තිබුණි.

පසුව එම නිලධාරීන්ට බැනවදිමින් ජනතාව සමඟ බුද්ධි අංශ නිලධාරීන් අල්ලා ගැනීමට උත්සහ කිරීමත් අතර දෙපාර්ශවය අතර උණුසුම් තත්වයක් උද්ගතවිය.

සිද්ධිය වන අවස්ථාවේ ඊට යාබදව පිහිටි තාලයඩි රෝමානු කතෝලික මිශ්‍ර විදුහලේ සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයටද බාධා සිදුව ඇති අතර පොලිස් නිලධාරීන් පැමිණ මන්ත්‍රීවරයාට ඉවත්වෙන ලෙස දැණුම්දී සිටියදී එම පොලිස් නිලධාරීන් හා මන්ත්‍රීවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් හටගැණින.

මරදන්කේණි පොලිස් නිලධාරීන් පැමිණ සිද්ධිය සමථයකටපත්කොට මන්ත්‍රීවරයා සහ පැමිණි පිරිස එම ස්ථානයෙන් ඉවත්කිරීමට පියවරගනු ලැබීය.

බුද්ධි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හා විභාග මධ්‍යස්ථානයක් පැවැත්වෙන ස්ථානයේ දේශපාලන රැස්වීම් සංවිධානය කිරීම සම්බන්ධයෙන් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More