පුරවැසි කොලම

බෞද්ධයන් තමන්ගේ සතුරා හඳුනා ගැනීම පමණක් නොව සතුරා විසින් අනුගමනය කරන උපාය මාර්ග සහ ඔවුන් එසේ කිරීමට හේතු හඳුනා ගැනීමද වඩා වැදගත් වන්නේය. බෞද්ධයන්ගේ සතුරා බුදුන් වහන්සේගේ ධර්මය තර්ජනයක් ලෙස සලකන බව නොඅනුමානය. සතුරා බෞද්ධයාට එරෙහිව ගෙනයනු ලබන ක්‍රියාවලිය ඉංග්‍රීසි භාෂාවේ ඇති වචන මාලාවට පවා තනි අර්ථයකින් නිර්වචනය කිරීමට හෝ එක් තැනකට කේන්ද්‍ර කර වීමට නොහැකි ප්‍රපංචයකි. බුද්ධ දේශනාව තුළ ගැබ්ව ඇත්තේ එබඳු බලයකි. සතුරාට බුදුන්ගේ ඉගැන්වීම් විනාශ කිරීමට නොහැකි වූ විට, ඔවුන් හමුවේ ඇති ඊළඟ විකල්පය කුමක්ද? ස්වභාවිකව, ඔවුන්ගේ ඉලක්කය බුදුන් වහන්සේගේ අනුගාමිකයින් වන අතර, ඔවුන් කාලයක් තිස්සේ පරීක්ෂා කර බලා ඇති බෙදා වෙන්කිරීම සහ පාලනය කිරීමේ මෙවලම යොදා ගැනීමට උත්සුක වෙති. ඔවුන් දැන් සාම්ප්‍රදායික බෞද්ධ පවුල්වල ජන්මලාභී බෞද්ධයන් බෙදා වෙන්කිරීමට උත්සාහ කරති. මෙම ව්‍යාපෘතිය මේ වන විටත් ක්‍රියාත්මක වන අතර, ඔවුන් බුදුන්ගේ ඉගැන්වීම්වල තිබෙන බලය දන්නා නිසා මේ වන විට උත්සාහ ගනිමින් සිටින්නේ ලිබරල් ධනේශ්වර මතවාදයට අනුව බුදුන් වහන්සේගේ ඉගැන්වීම් පාලනය කිරීමට සහ ඒ වෙනුවෙන් පේටන්ට් බලපත්‍ර ලබා ගැනීමටත් අවසානයේ බුදුන්ගේ ඉගැන්වීම් උගන්වන ආකාරය සඳහා “මිලක්” නියම කිරීමටය. ඒ අනුව මේ වන විට බෞද්ධයන් තමන්ට එල්ල වී ඇති තර්ජනයේ විෂය පථය හඳුනාගෙන තිබිය යුතුය.

බෞද්ධ පුරාවිද්‍යා ස්‌ථාන විනාශ කිරීම හදිසියේ ආරම්භ වූවක්‌ නොවේ. අතීතයේ බෞද්ධයන් බහුලව පදිංචිව සිටි ප්‍රදේශ කඩුව පෙන්වා අල්ලාගෙන, හාමුදුරුවරු ඝාතනය කර, කෞතුක වස්‌තු විනාශ කර ලොව පැරණිම පුස්තකාලය පවා ගිනි තබා විනාශ කළ ආකාරය අපි දනිමු. බාමියන් බුදු පිළිම වලට ප්‍රහාරයක් එල්ල කළේ තලේබාන්වරුන් විසින් පමණක් නොවන අතර ඓතිහාසිකව බොහෝ අවස්ථාවල එම පිළිම විනාශ කිරීමට විවිධ උත්සාහ දරා තිබුණි. මෙම විශ්මය ජනක ව්‍යුහයන් විනාශ කර ඒවාට ඉහළින් වෙනත් ව්‍යුහයන් තැබීමේ අරමුණ ඓතිහාසිකව වාර්තාවී තිබේ.ව්‍යුහයන් ඉවත් කිරීම මගින් ශ්‍රේෂ්ඨ ඉගැන්වීමක් මකා දමනු ඇතැයි සිතීම එසේ කරන්නන්ගේ චින්තනයේ නොගැඹුරු බව පෙන්නුම් කිරීමකි.මෙය බුදුදහම විනාශ කිරීමේ ව්‍යුහාත්මක ජන සංහාරය වන්නේය.

බුද්ධ දේශනාව මුලින්ම ලේඛනාරූඪ කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේය. ශ්‍රී ලංකාවට එරෙහි ප්‍රහාරයට එක් ප්‍රධාන හේතුවක් වීමට මෙය බලපැවේය.
බුදුන්ගේ ඉගැන්වීම් රාජ්‍ය පාලනයට ඇතුළත් කර එය රාජ්‍ය ආගම බවට පත්වූ අතර එය සිංහල බෞද්ධ සංස්කෘතික උරුමයේම කොටසක් විය. මෙම පදනම මත ක්‍රියාත්මක වූ සිංහල රාජ්‍ය පාලකයා වෙනත් කිසිවෙකුගේ ඇදහිල්ලක් වෙත බලපෑම් කර වෙනස් කිරීමට පෙළඹි නැත. දසරාජ ධර්මය නම් පාලන ක්‍රමයේ ඇති උදාරත්වය නිසා අභ්‍යන්තර ගැටුම් ඇති නොවූ අතර වාර්ගික අසමගිය ගැන කතා කරන ඕනෑම අයෙකු කල්පනා කළ යුත්තේ යුරෝපීය ආක්‍රමණිකයන් තුන් දෙනාගේ පැමිණීමෙන් පසුව සහ ඔවුන් ඔවුන්ගේ බෙදා වෙන්කර පාලනය කිරීමේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට පටන් ගත් පසුව පමණක් මෙම “අසමගිය” ඇති වූයේ මන්දැයි යන්නයි.

යුරෝපීය ආක්‍රමණිකයන් මෙරටට පැමිණි දා සිට ඔවුන්ගේ අරමුණ වූයේ ඔවුන්ගේ ආගමික විශ්වාසයන්ට නොගැලපෙන ඉගැන්වීමක් වන බෞද්ධ ඉගැන්වීම් අකා මකා දැමීමයි. ඔවුන් ඒ වෙනුවෙන් ඉතාමත් අන්ධ ලෙස බෞද්ධ නීතිය, බෞද්ධ නීති විද්‍යාව, බෞද්ධ සංස්කෘතිය සමඟ සමාජ ව්‍යුහය සැකසී ඇති පදනම මුලිනුපුටා දැමීමට ඇක කැප විය. බහුතර සිංහලයන් අනුගමනය කරන මෙම ක්‍රමවේදය අනෙකුත් අයගේ ගෞරවයට පාත්‍ර වූයේ ඔවුන් එම පාලනය තුළ කිසිදු භේදයක් අත්විඳ නැති බැවිනි. අප නගන මෙම තර්කයට අභියෝග කරන කිසිවෙකු වේද ඔහු හෝ ඇය 1505 ට පෙර වාර්ගික අභ්‍යන්තර යුද්ධ පිළිබඳ උදාහරණ ඉදිරිපත් කළ යුතුය.

ප්‍රධාන ක්වාඩ් (Quad ) සාමාජිකයින් වන ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, ජපානය ,ඉන්දියාව සහ අමෙරිකා එක්සත් ජනපදය ඔවුන් බලපෑම් කරන ප්‍රදේශය තුළ ඔවුන්ගේ භූ දේශපාලනික අරමුණුවලට අනුකූල වීම සඳහා බෞද්ධ ව්‍යුහයන් ප්‍රහාරයට ලක් කර තිබීම සැලකිය යුතු කරුණකි. මේ අනුව ආක්‍රමණ, පුරාවිද්‍යාත්මක ස්ථාන විනාශ කිරීම, අනවසර පදිංචි කිරීම්, බෞද්ධ පුරා විද්‍යා ස්ථානවල බෞද්ධ නොවන ව්‍යුහයන් ඉදි කිරීම, මේවාට හිමිකම් කියන්නට ව්‍යාජ ඉතිහාසයක් නිර්මාණය කිරීම, සිංහල බෞද්ධ උරුමයන් සඳහා වන ඉල්ලීම් නිශේධනය කරමින් මෙම ප්‍රදේශ ඩැහැගැනීම මෙම විශාල උපක්‍රමයේ කොටසක්ම වන්නේය. දිනෙන් දින නිකුත්වන රජයේ චක්‍රලේඛ, රාජ්‍ය නිලධාරීන්ගේ (දෙපාර්තමේන්තු/පොලිසිය ආදී) නොපැහැදිලි ප්‍රවේශයන් සැලකිල්ලට ගතහොත් මේ සියල්ල ව්‍යවස්ථාවට අනුව ඔවුන්ගේ රාජකාරි පැහැර හැරීමක් වන අතර ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුය.

බෞද්ධ පදනමේ ව්‍යුහයන් ප්‍රහාරයට ලක්ව තිබියදී – ඊළඟ ඉලක්කය වූයේ සංස්කෘතිය වන අතර මෙය විවිධ ආකාරවලින් සිදු කිරීමට උත්සාහ කරන ලදී.
ඒවා නම්

1) සංක්‍රමණික සිංහල නොවන බෞද්ධයන් ස්ථානගත වූ ප්‍රදේශ වල අධ්‍යාපනය ලබා දීමට මිෂනාරි පාසල් විවෘත කරන ලදී.

2) ඒ අනුව සිංහල බෞද්ධයන්ට අධ්‍යාපනය ලබා ගැනීමට එක් විකල්පයක් පමණක් තිබුණි . එනම් සිංහල සම්ප්‍රදායන්(සිංහල භාෂාව ) පරිවර්තනය කිරීම සහ බුද්ධාගම අත් හරවන ලදී.

3)මිෂනාරි පාසල්වලින් විභාග සමත් වූවන්ට රාජ්‍ය රැකියා, තනතුරු ලබා දී ප්‍රභූ සමාජය ලෙස වර ගන්වන ලදී.

4) සිංහල බෞද්ධ ඉඩම් හිමියන්ගේ ඉඩම් රජය විසින් රාජසන්තක කර දකුණු ඉන්දියාවෙන් ගෙන්වා ගත් පුද්ගලයන්ට ලබා දීම කරන ලදී.

5)සුළු ජාතීන්ට පමණක් ප්‍රමුඛත්වය ලබා දීමට කටයුතු කර ඇත. මිනිසුන් බහුතර සහ සුළුතර / ඇති සහ නැති / දුප්පත් සහ පොහොසත් ලෙස බෙදා ඇත.මේ සියල්ල යටත් විජිත ආක්‍රමණිකයන් විසින් උපද්දවා ප්‍රවර්ධනය කරන ලදී.

සිංහල ඉඩම් හිමියා කිසිදු හව්හරණක් නැති තත්ත්වයට පත් වූයේ එලෙසිනි.

සිංහලයන් මේ තත්වය වෙනස් කිරීම සඳහා ගන්නා ලද සෑම උත්සාහයක්ම බිම හෙළා ව්‍යවර්ථ කරන ලද්දේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඝාතන, පාලන තන්ත්‍රය වෙනස් කිරීම් සහ විදේශ අරමුදල් සහිත කුමන්ත්‍රණ ව්‍යාපාර පවා සිදු විය.
ඒවා නම්,

1) මාධ්‍ය – සිංහල/බෞද්ධ විරෝධී ප්‍රවෘත්ති ප්‍රවර්ධනය කිරීමට සහ ජාතියේ සියලු රෝග බහුතරයකගේ වරදක් බව දේශීය හා ජාත්‍යන්තර ප්‍රජාවගේ මනසට කාවැද්දීම සඳහා සතියේ දින හතේම පැය විසිහතර පුරාම සක්‍රියව තබන ලදී.

බහුතර සිංහල බෞද්ධ ජනයාට දොස් පැවරීමට සහ ඉන් පසුව සමාව අයැදීමක් සිදු නොවන පරිදි විකෘති කරන ලද කථාවක් ඉක්මනින් ප්‍රචාරය කරන ආකාරය සැලකිල්ලට ගනිමු. මෙවැනි උපක්‍රම හොඳින් ලේඛනගත කර ඇති අතර හොඳින් අරමුදල් සපයා ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාධ්‍ය අතරින් කීයක් සිංහල බෞද්ධයන්ට තම මාධ්‍යය තුල නිසි අවකාශය ලබා දෙනවාද? මේ සංස්කාරකවරුන්ගෙන් කී දෙනෙක් සිංහල බෞද්ධයන් ද? මාධ්‍යවල ඉන්න සිංහල බෞද්ධ කී දෙනෙක් උසස්වීම් ලබනවද? එම අන්තර්ගතය විශ්ලේෂණය කළහොත් කම්පනය ඇති කරවන සුළු ප්‍රථිපල හෙළිදරව් වේ.

2) ලේඛකයින් / ශාස්ත්‍රඥයන් / විද්වතුන් / විවිධ ස්වේච්ඡා සංවිධාන සාමාජිකයන් / කතුවරුන් / චිත්‍රපට අධ්‍යක්ෂවරුන් – මෙම පිරිසේ තනි තනි පුද්ගලයන් සිංහල බෞද්ධ විරෝධී මාර්ගයක් නොගත්තේ නම් ශිෂ්‍යත්ව (සමහරවිට එසේ නොවන අවස්ථාද ඇත ) ලබා දෙන ලදී. සිංහල බෞද්ධ විරෝධී ආස්ථානය ගත් අයට ඔවුන් වෙනුවෙන් සම්මාන සහ ශිෂ්‍යත්ව පවා පිරිනමන ලදී. මෙවැනි කණ්ඩායම් වලට තරුණ සමාජ මාධ්‍ය කණ්ඩායම් ඉක්මනින් ඔවුන්ගේ ස්ථාවරයට නතු කර ගැනීමට සහ ඔවුන්ව ආරක්ෂා කිරීමේ කාර්ය මෙම ආයතනවලට පැවරී ඇත. මෙසේ කුලියට ගත් විද්වතුන් සියල්ලෝම සම්බන්ධයෙන් අන්වීක්ෂීය අධ්‍යනයක නිරතවුවහොත් ඔබට සිංහල බෞද්ධ පදන්මට පහර වදින සෑම අවස්ථාවකම ‘කම්පිත වීමට කිසිවක් නැත’ යන අදහස ඉදිරිපත් කරනු නිරීක්ෂණය වනු ඇත. ඔවුන් අතරින් කිසිවකු එවැනි මත දක්වන අවස්ථාවලදී ඔවුන්ගේ හෘදය සාක්ෂියට එකඟව බහුතර සිංහල බෞද්ධයාගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටියහොත් – ඔවුන්ගේ ශිෂ්‍යත්ව / වේතන ආදිය කපා හරිනු ඇත. ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස එතරම්ම සීමාසහිතයි.

3) දැනට ඇති නවතම නැඹුරුව වන්නේ සමාජ මාධ්‍ය හරහා ප්‍රහසන / විකට / උපහාසාත්මක / යොවුන් නාට්‍ය රංගන ඉදිරිපත් කිරීමයි.  තරුණයින්ට සහ තරුණ වැඩිහිටියන්ට (නව ඡන්දදායකයින් සහ පාවෙන ඡන්දවලට) බලපෑම් කිරීමට ඔවුන්ට සිතිය හැකි ඕනෑම ආකාරයක ක්‍රියා පටිපාටියක් භාවිතා කිරීම මේ මගින් කරනු ලැබේ. ඔවුන්ගේ පිටපත් සිංහල බෞද්ධයන් ඉලක්ක කර ගනිමින් සිංහල බෞද්ධයන්ගේ සංස්කෘතිය / චාරිත්‍ර වාරිත්‍ර / සම්ප්‍රදායන්ට සිනාසීම සහ මේවා හෑල්ලු කිරීම පමණක් නොව බෞද්ධ සිරිත් විරිත් අනුගමනය කිරීම විලාසිතාවක් නොවන බවට මනෝවිද්‍යාත්මක මතයක් ඉදිරිපත් කිරීම මෙම ප්‍රවනතාවය අන්වීක්ෂීය නිරීක්ෂණයට ලක් කිරීමෙන් පැහැදිලි වේ. අපිට දැන් බුදුන් වහන්සේගේ ධර්මයට පමණක් නොව බෝධිසත්වයන්ට පවා සෘජු ප්‍රහාර එල්ල කරනවා නිරීක්ෂනය කළ හැක. මේ සියල්ල ඔවුහු තම “නිර්මාණශීලිත්වය” සහ “ඉදිරිපත් කිරීමේ හැකියාව” විදහා දක්වන තාරුණ්‍යය ලෙස ඉදිරිපත් කරති. නමුත් මේ නිර්මාණශීලිත්වය එක මාතෘකාවක් වන සිංහල බෞද්ධයෝ අරමුණු කරගෙන පමණක් සීමා වෙන්නේ කුමන හේතුවක් නිසාද ?. ඒ, එම අරමුදල් එන්නේ සිංහල බෞද්ධයන් කෙලෙසීමට පමණක් වන බැවිනි. ඔවුහු හොඳින් සූදානම් වී ඇති අතර ඔවුන්ගේ නිර්මාණවලට පිටුබලය දීම සඳහා ඔවුහු සියලු ආකාරයේ උදාහරණ සහ න්‍යායන් යොදා ගනිති. ඔවුන් කණ්ඩායමක් ලෙස ගන්නා උත්සාහය, ඔවුන්ගේ වැඩ සැලැස්ම කුමක් දැයි සහ ඔවුන් පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න සිංහල බෞද්ධයා දැන් කල්පනා කළ යුතුය. ඔවුන් භාවිතා කරන නවීන උපකරණ පමණක් නොව නිර්මාණාත්මක වේදිකා දෙස නිරීක්ෂණාත්මක ඇස යොමු කරන්නේ නම් ඔවුන්ට අරමුදල් සපයන්නේ කවුදැයි යන්න විමසීමට අවශ්‍ය වන කරුණු සම්බන්ධයෙන් බොහෝ දේ මතු පිටට පැමිණෙයි. ඔවුන්ට ලැබෙන ප්‍රතිපාදන කිසිවක් ස්වේච්ඡාවෙන් ලබුණු දේ නොවේ.

4) මේ සියලු නව ප්‍රයෝග එකක් පසුපස එකක් පැමිණෙන්නේ අපට ඒවා කලින් සැලසුම් කළ සංදර්ශන යැයි සිතාගැනීමට පවා නොහැකි වේගයකින් වන අතර මෙය පාසල්, පාසල් විෂය බාහිර ඉසව්, විදේශ අරමුදල් සහිත තරුණ වැඩසටහන් භාවිතා කරන ප්‍රයත්නයන් සමඟ අතිච්ඡාදනය වේ. “ලිබරල්” සමාජයක් තුළ යෞවනයන්ට කොපමණ දුරක් යා හැකිද යන්න ඉදිරිපත් කිරීම සඳහා හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක වේ. ඒ මගින් ලිබරල් සංස්කෘතිය වැලඳ ගැනීම, දුම්පානය, මත්පැන් පානය, මත්ද්‍රව්‍ය භාවිතය, සමලිංගික සේවනය / සමලිංගික ක්‍රියා අත්හදා බැලීම, නව යොවුන් වියේදීම ලිංගිකව එක්වීමට තරුණ තරුණියන් දිරිමත් කිරීම සහ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය හැදෑරීමට පැමිණෙන ග්‍රාමීය තරුණ තරුණියන්ගේ සංස්කෘතික අහිංසකකම මකා දැමීමට නවක වදය ලබා දීම මගින් නව ලිබරල් මතයන් ජනගත කිරීමට විශ්ව විද්‍යාල භාවිතා කිරීම දැක ගත හැකි වේ. මෙම මනෝවිද්‍යාත්මක මොළ සේදීම මගින් දරිද්‍රතාවයෙන් පෙළෙන දෙමාපියන්ගේ දැවැන්ත සිහින සැබෑ කර ගැනීම වෙනුවෙන් සරසවියට පැමිණි සිංහල බෞද්ධ සංස්කෘතිකය තුළ වැඩුණු සංස්කෘතික දරුවන් අවතැන් කිරීමට සහ සම වයසේ මිතුරු සමාජයෙන් අවතැන් කිරීමට මෙන්ම තමන්ට උරුම සංස්කෘතිය අවතක්සේරු කිරීමට සහ අවසානයේ එම සංස්කෘතිය දරුවන්ගෙන් ඈත් කිරීමට තම දෙමව්පියන්ගෙන් ඈත් වීමට යන ‘ලිබරල්’ සමාජයේ කොටස්කරුවන් වීමට සිංහල බෞද්ධ තරුණයාට බල කරයි.

5) බුද්ධ ධර්මය ඉගැන්වීමේදී අනිවාර්ය දායකත්වය දක්වන මහා සංඝරත්නය බොහෝ දේ සිදු කළ යුතුය. උන්වහන්සේලා ඒ අනුලංඝනීය වූ වගකීම ඉටු කරනු ඇතැයි උදක්ම අපි බලාපොරොත්තු වෙමු. කෙසේ වෙතත්, උන්වහන්සේලා සතු සමහර දුර්වලතා වලට තව තවත් කොටු කර, උන්වහන්සේලාද සියලු ආකාරයේ වාචික ගැටුම් වලට පොළඹවනු ලබන අතර උන්වහන්සේලාව නව මතවාදයන් ප්‍රවර්ධනය කිරීමට දිරිමත් කරති. එවැනි බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඉක්මනින්ම තමන්වහන්සේලා අත්පත් කරගත් කර්ම ඵල විපාක ලැබීමට සුදුසුකම් ලබන්නාහ.

මෙම ව්‍යාපෘතිය ඉතා සූක්‍ෂම ලෙස සකස් කෙරෙන්නේ සංඝයා වහන්සේට බැන වැදීමට බෞද්ධයන් දිරිමත් කිරීමටත්, බෞද්ධයා පන්සල් යාමෙන්, දන් දීමෙන්, හාමුදුරුවරුන් ළඟට ගොස් උන්වහන්සේලාගේ නැණවත් උපදෙස් ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමටත්, ඔවුන්ගේ ගෘහ කටයුතුවලට බෞද්ධ සංඝයා ඇසුරු කිරීමට ඔවුන්ව අධෛර්යමත් කිරීමට කටයුතු කරමිනි. අප සැවොම මෙය හඳුනාගෙන මෙම තත්වය ආරම්භක පියවරේ පවතින බව පිළිගත යුතුය. වැදගත්ම දෙය නම්, මෙය අප විසින් වහාම මෙම ගැටලුවට පිළිතුරු සපයා ගත යුතු වීමයි. මෙහිලා ඉලක්ක කණ්ඩායම් විය යුතු වන්නේ, අ ) දැනටමත් ජනතා විමුක්ති පෙරමුණ/පෙරටුගාමී පක්ෂය ආදීන්ගේ මතවාද වල එල්බ සිටින ඒවායේ ගොදුරු බවට පත්ව සිටින භික්ෂූන් වහන්සේලා ආ)ගොදුරු බවට පත්වෙමින් සිටින දෙමාපියන් / ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සහ භික්ෂූන් වහන්සේලාය.

මේ අතර,

1)ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සහ නීතිය සහ සාමය පවත්වාගෙන යාමට/තීරණය කිරීමට බලය පැවරී ඇති නිලධාරින්ද ඉහල පුහුණුවීම් / සිය දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීමට සහතික කිරීම / උසස්වීම් ආදිය හරහා සූක්ෂ්ම ලෙස බලපෑමට ලක්ව සිටිති. ඔවුන්ට බුදුදහම දේශනා කිරීමට අබෞද්ධ නයිටිංගේල්ලා පවා යොමු කර ඇත. මෙය බුදුන් වහන්සේට /බෞද්ධ ශාසනයට/බුද්ධ ධර්මයට අපහාස කිරීමක් ලෙස සැලකිය යුතුය.

2) අධ්‍යාපනය – මෙය වසංගතයේ මූලය ලෙස සැලකීම අතිශයෝක්තියක් නොවේ. සිංහල භාෂාව ඉගෙනීම දුරස් කිරීමේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට කූට අරමුදල් සම්පාදනය කිරීමේ ව්‍යාපාර සහ මුලපිරීම් ව්‍යාජ රාජ්‍ය භාෂා පනතක් භාවිතා කරමින් කලාත්මක ලෙස ක්‍රියාවට නැංවීමට කටයුතු කර ඇත. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ඉලක්කය වන්නේ ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ ආචාර ධර්මයන් සහතික කරන මූලික කුළුණක් නැති කර සිංහලයන් වඳ කිරීමයි. මෙතෙක් ශ්‍රී ලංකාව පාලනය කළ සියලු රජයන් දරුවන්ට ප්‍රමාණවත් ඉංග්‍රීසි භාෂා දැනුමක් ලබාදීම සහතික කරන අතරම සිංහල භාෂාව ආරක්ෂා කිරීමට කටයුතු කිරීමට අසමත් වී ඇත.

ශිෂ්‍යත්ව, තරුණයන් ඉලක්ක කරගත් පුහුණු වැඩසටහන් ආදිය ඉංග්‍රීසි උගතුන්ට පමණක් හිතාමතාම ලබා දීම සිංහල භාෂාව කොන් කිරීමේ සූක්ෂ්ම උපක්‍රමයක් වන අතර ඒ නිසා කිසිදු සිංහලයෙකුට සිංහල ඉගෙනීමට අවශ්‍ය නොවන අතර එය අගය කරන අයට ජීවිතයේ ඉදිරියට නොයන බවට පණිවිඩයක්ද ලබා දේ.
සිංහල බෞද්ධ සංගම් මෙම වැදගත් තර්ජනය තේරුම් ගෙන දරුවන්ට සිංහල භාෂාව සහ එහි සංස්කෘතිය අගය කිරීමට පමණක් නොව අවශ්‍ය ඉංග්‍රීසි අධ්‍යාපනය සහ වෙනත් කුසලතා වර්ධනය කිරීම සහතික කිරීම සහ ඉංග්‍රීසි සහ සිංහල යන භාෂා දිවිත්වයෙන්ම වාද විවාද කිරීමට ඇති කුසලතාවය වර්ධනය කිරීමට අවස්ථා නිර්මාණය කිරීම සහතික කළ යුතුය.

අපි දැන්වත් සිංහල බෞද්ධයන් ලෙස කුලියට ගත් ලාභදායි ප්‍රහාරකයන්ගේ සහ ඔවුන්ගේ ප්‍රහාරවල තරම තේරුම් ගත යුතුය.
මෙවැනි දරුණු ප්‍රහාර සිංහල බෞද්ධ සංස්කෘතියට එල්ල වෙද්දී ඊට සමාන්තරව බුද්ධ චරිතයට/බුද්ධ දේශනාවට/බෞද්ධයන්ට එරෙහිව කරන ප්‍රහාරවලට අරමුදල් සපයන ආයතන විසින්ම ඒවාට මල්මාලා දමනු ලබති. ඊට අමතරව සම්මා සතිය සම්බන්ධයෙන් අධ්‍යනය කිරීම , බෞද්ධ සිද්ධස්ථානවලට ගොඩ වැදීම, උත්හර්ෂයට නැංවූ ප්‍රකාශ නිකුත් කිරීම, බුදුන් ඉගැන්වූ භාවනා ක්‍රම ආදිය ඉගෙනීමට තම හමුදා සමාජිකයන් පවා යැවීමටද කටයුතු කරති.

එකම ක්‍රීඩකයන් බුදුන්වහන්සේ/බුද්ධාගම සහ බෞද්ධයන් සමච්චලයට ලක් කරන්නේ කුමන හේතු ඇතිවද? ඒ සමඟම එය ඔවුන්ගේම ලෙස වැළඳ ගැනීමට උත්සාහ කරන්නේ කුමන හේතුවටද? එම ප්‍රශ්නය තුලම පිළිතුර ගැබ්ව තිබේ. ඔවුන් සිංහල බෞද්ධයන් බුද්ධාගමෙන් ඈත් කරන අතරම, බෞදධයන් සතු ඓතිහාසික උරුමය සහ ආයතන වලට පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට උත්සාහ කරති. ඉන් පසුව බුදුදහම කුමන මිලකට කවදා අලෙවිය සඳහා තබන්නේද යන්න තීරණය කරනු ඇත. ඔවුන් ප්‍රසිද්ධියට පත් කිරීමට අකමැති බලයක් බුදුන් වහන්සේගේ ඉගැන්වීම් තුළ ඇති බැවින් බුද්ධ දේශනාව තහවුරුව පැතිරීම පාලනය කර ගැනීම ඔවුන්ගේ ඒකායන අරමුණයි.ඔවුන් ක්‍රිඩා කරන ක්‍රීඩාවේ කුහකකම් තේරුම් ගැනීමට ඔවුන්ගේ ක්‍රියාවලිය තුල වන ගැඹුර සියලු දෙනා විසින් වටහා ගත යුතුය.

ඔවුන්ගේ සමස්ත අරමුන වන්නේ සිංහල බෞද්ධ අභිමානය/සිංහල බෞද්ධ ජාතිකවාදය බිඳ දැමීම බහුතර සිංහල බෞද්ධයාගේ ආචාර ධර්ම මකා දමා පසුව වහන්සේගේ ඉගැන්වීම්වල අයිතිය නව සිංහල නොවන බෞද්ධ පතාක යෝධයන් වන භූ දේශපාලනික ආධිපත්‍ය දරන්නන්ගේ පාලනය යටතට ගෙන ඒමයි. අවසාන වශයෙන් ඇසිය යුත්තේ ඔබ පිළිතුරු දිය යුතු ප්‍රශ්නයට අපගෙන් පිළිතුරු බලාපොරොත්තු වනවාද කියායි.

ෂෙනාලි ඩී වඩුගේ මහත්මිය විසින් ඉංග්‍රීසි භාෂාවෙන් රචිත

Western strategy to neutralize Sinhala Buddhists in Sri Lanka

පරිවර්තනය – ජීවන්ත ජයතිස්ස



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More