රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු ධුරය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සමට අදාළ තීන්දුව අද (06) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.
අදාළ මන්ත්‍රීවරිය බ්‍රිතාන්‍යයේ පුරවැසියෙකු බවට පෙත්සම මඟින් කරුණු ඉදිරිපත් කර තිබුණි.
එමඟින් දක්වා ඇත්තේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි ඩයනා ගමගේ මන්ත්‍රීවරියට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් දැරීම සුදුසු නොවන බවය.
එබැවින් ඇයගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඖෂල හේරත් මහතා පෙත්සම ගොනුකර තිබුණි.
ආගමන විගමන පාලකවරයා සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබූ පෙත්සම ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැණුනු අතර, එහි තීන්දුව අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...