දේශීය පුවත්

ජාතික ජන බලවේගය සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය රජයට විරෝධය පෑම සඳහා මේ සතියේ කොළඹට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ලබන 7දා කොළඹට පැමිණීමට නියමිත බවත්, පළාත් පාලන ඡන්දය පැවැත්වීම කල් දැමීමට විරෝධය පළ කරමින් ලබන 8දා ජාතික ජන බලවේගය ද මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිටට පැමිණීමට නියමිත බවත් වාර්තා වේ.

ජීවන බරට අනුව මහපොළ ශිෂ්‍යාධාර මුදල ඉහළ දැමීම, ප්‍රමාද කළ මහපොළ ශිෂ්‍යාධාර වාරික ලබා දීම, මාස පහක් තිස්සේ සිරගත කොට සිටින කැලුම් මුදන්නායක, දිල්ෂාන් හර්ෂණ යන ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනා නිදහස් කිරීම, අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පහසුකම් සැලසීම, ජීවන වියදම් පහළ හෙළීම, ත්‍රස්ත විරෝධී පනත අහෝසි කිරීම හා ප්‍රතිත්‍රස්ත පනත ඉවත දැමීම ආදී ඉල්ලීම් කිහිපයක් මුල් කොට ගනිමින් අන්තරේ ද සිය විරෝධය පළ කිරීම සඳහා තම පාගමන සංවිධානය කොට තිබේ.

මාස තුනක් කල් දැමූ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බල කරමින් ජාතික ජන බලවේගයේ අපේක්ෂකයන් විශාල ප්‍රමාණයක් මෙසේ ලබන 8දා මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More