මෝසම් වර්ෂාව සක්‍රීය වීමත් සමඟ ඩෙංගු වසංගත තත්ත්වය තවදුරටත් තීව්‍ර වෙමින් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.
එහි සභාපති නජිත් සුමනසේන මහතා සඳහන් කළේ, බ්‍රිටෝ දර්ශකයට අනුව මදුරු ඝනත්වය දිවයිනේ බොහෝ ප්‍රදේශවල සියයට 25ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.
“මේ වනවිට සමහර ප්‍රදේශවලට කඩින් කඩ වර්ෂාව ලැබෙමින් පවතිනවා. ඒ තත්ත්වය තුළ මධ්‍යම පළාත ඒ වගේම ඌව පළාත සහ අනෙකුත් ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය සීඝ්‍රයෙන් ඉහළ ගිහින් තියෙනවා. මේ තත්ත්වය එක්ක සාපේක්ෂව අපේ සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ දත්තවලට අනුව බ්‍රිටෝ දර්ශකය තවමත් අඩුවීමක් පෙන්නුම් කරන්නේ නෑ. එය මේ වනවිට 25%ක් දක්වා බොහෝ ප්‍රදේශවල ඉහළ ගිහින් තියෙනවා. සමහර ප්‍රදේශවල මධ්‍යම රජයෙන් කරන ලද දත්තවලට අනුව 40%ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. ඒ වගේම සමස්ත දර්ශකය 20%ක් පමණ වෙනවා. මේ තත්ත්වය අපිට පෙන්නුම් කරන්නේ ඩෙංගු වසංගත තත්ත්වය තවදුරටත් අපට පාලනය කරගත නොහැකි මට්ටමට ඉදිරියට ගමන් කරන බවයි.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...