ජගත් පරිසර දිනය අදට (05) යෙදී තිබේ.
මෙවර ජගත් පරිසර දිනයේ තේමාව වී ඇත්තේ “ප්ලාස්ටික් දූෂණය පිටුදකිමු” යන්න බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.
මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන එම අධිකාරියේ සභාපති සුපුන් එච්. පතිරගේ මහතා,
“සෑම වසරකම ජුනි 5 වෙනිදා ලෙස 1972 එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයෙන් ගත්ත තීරණයකට අනුව පුරා වසර 50ක් තිස්සේ, පරිසර දිනය සැමරෙනවා. ලංකාවේ අපි ජගත් පරිසර දිනයේ, මෙවර තේමාව කාලීන මාතෘකාවක්. “ප්ලාස්ටික් දූෂණය පිටුදකිමු” කියන මාතෘකාව ඔස්සේ වැඩසටහන් කිහිපයක් ජගත් පරිසර දිනයට සමගාමීව ක්‍රියාත්මක වෙනවා. ඒ යටතේ මධ්‍යම පරිස අධිකාරිය විසින් ලංකාව තුළට පොලිතින් සහ ප්ලාස්ටික් ගෙන එන ආයතන විදිමත් කිරීම හා එක්වරක් පමණක් භාවිත කර ඉවතල ප්ලාස්ටික් වර්ග 4ක් තහනම් කිරීම තුළින් ප්ලාස්ටික් නැණවත් භාවිතයකට හුරු කිරීමත් දැනුවත් කිරීමේ වැඩසටහන් ලංකාව පුරා මධ්‍යම පරිසර අධිකාරියෙන් ක්‍රියාත්මක කිරීම මඟින් පරිසර දිනය සැමරීමට නියමිතය.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...