දේශීය පුවත්

මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ පළාත් පාලන ආයතන අධීක්ෂණය සඳහා ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත්කිරීමේ තීරණයට විරෝධය පළකරන බවයි.

එහි සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා සඳහන් කළේ ඒ පිළිබඳව හෙට (05) දිනයේදී පළාත් පාලන අමාත්‍යංශයට ලිඛිතව දැනුම් දෙන බවය.

පළාත් පාලන ආයතන අධීක්ෂණය සඳහා ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ විශේෂ නියෝජිතයෙකු පත්කිරීමට පළාත් පාලන අමාත්‍යංශය පසුගිය දා චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

අදාළ තීරණය මගින් සිදුවන්නේ පළාත් පාලන ආයතනවල කටයුතු යම් දේශපාලනීකරණයකට ලක්වීම බව මැතිවරණ කොමිසම පෙන්වා දෙන අතර, එමගින් සෙසු දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් වන අපේක්ෂකයින්ට අසාධාරණයක් වන බවට විවිධ පාර්ශ්ව පෙන්වා දී ඇති බව ද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

නිමල් ජී පුංචිහේවා මහතා සඳහන් කළේ ඒ අනුව, පළාත් පාලන අධීක්ෂණය සඳහා නියෝජිතයෙකු පත්කිරීමේ තීරණයට මැතිවරණ කොමිසම විරෝධය පළකරන අතර පළාත් පාලන ආයතන සම්බන්ධීකරණය සහ අවශ්‍ය තොරතුරු අදාළ පළාත් පාලන ආයතනයේ නාගරික කොමසාරිවයාගෙන් හෝ ලේකම්වරයාගෙන් ලබා හැකි බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More