පසුගිය නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපතිවරයා මුණගැසුනු ලයිකා මොබයිල් ව්‍යාපාර සමූහයේ ප්‍රධානී අලිරාජා සුභාෂ්කරන් විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් මිලදී ගැනීමට සූදානම් බවට ලන්සු තැබූ බව මීට පෙර වාර්තා විය.
එම ගමනේදී ඔහු සමාව ලබා නිදහස් වූ කොටි ත්‍රස්තවාදී සැකකරුවන් පිරිසක් සමග තරු පහේ හෝටලයක රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වූ බව ද වාර්තා විය.
පසුගිය දිනවල ටෙලිකොම් විකිණීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සම්මත කිරීමෙන් පසුව නැවත ලංකාවට පැමිණි අලිරාජා අවසන් තීරණය ගැනීමට සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ.
එහෙත් ආණ්ඩුවේ බලධාරීන් ඉල්ලා සිටින කොමිස් මුදල පිළිබඳ එකඟතාව ගැටලු සහගත වූ බැවින් අවසන් තීන්දුවකින් තොරව ඔහු ආපසු පිටත්ව ගිය බව වාර්තා වේ.
ලයිකා මොබයිල් සමාගමට එරෙහිව එංගලන්තය, ඉන්දියාව සහ ප්‍රංශය යන රටවලදී බදු වංචා කිරීම සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනාවලට අදාලව පරීක්ෂණ පැවැත්වීම ද විශේෂත්වයකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...