අන්තර්ජාතික මට්ටමේ ද්වි භාෂා සහිත පිළිගත හැකි උප්පැන්න සහතිකයක් පුරවැසියන්ට ලබාදීම රජයේ අරමුණ බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල උප්පැන්න , විවාහ , මරණ සහතික නොමැති පුද්ගලයින්ට අදාල සහතික ලබාදීමේ විශේෂ ජංගම සේවාවට එක්වෙමිනි.
ලොව ඕනෑම රටක් පිළිගත හැකි ආරක්ෂිත උප්පැන්න සහතිකයක් ඉදිරියේදී නිකුත් කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
ඉඩම් ඔප්පු සහ පත්තිරු අන්තර්ජාල ගත කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බව ද ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා වැඩිදුරටත් පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...