උතුරු පළාත් සභාවට ඉඩම් හෝ පොලිස් බලතල ලබාදීමට රජය තීරණය කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසන බව ජාතික පුවත්පතක් වාර්තා කර තිබේ.
ඒ සඳහා මේ වන විට පළාත් සභා මහ ඇමැතිවරුන් විසින් ඉදිරිපත් කර ඇති යෝජනා ඇතුළත් වාර්තා අධ්‍යයනය කරමින් සිටින බවද වාර්තා වේ.
උතුරු පළාත් සභාව සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ (TNA) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට සූදානම් වීම සම්බන්ධව කළ විමසීමේදී රජයේ ඉහළ පෙළේ ප්‍රකාශකයකු පවසා ඇත්තේ එහි කිසිදු ගැටලුවක් නැති බවත්, ඕනෑම පුද්ගලයකුට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවිය හැකි බවත් ඒ සම්බන්ධව රජයේ කිසිදු විරෝධයක් නැති බවත් ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඉදිරියේදී සිදුකරන බ්‍රිතාන්‍ය සංචාරයෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවීමට නියමිත බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...