ජපන් ණය මත ක්‍රියාත්මක දැනට අත්හිටුවා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සහ නව ව්‍යාපෘති ආරම්භ කිරීම රඳා පවතින්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවල ප්‍රගතිය මත බව ජපාන තානාපති කාර්යාලය පවසයි.
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ මූල්‍ය පහසුකම් යටතේ ආරම්භ කිරීමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.2 ක සැහැල්ලු දුම්රිය පද්ධතිය නැවත ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදි. මාලඹේ සහ කොළඹ කොටුව යා කරමින් මෙම මාර්ගය ඉදිකිරීමට නියමිතය.
යහපාලන රජය මගින් ආරම්භ කිරීමට තීරණය කරන ලද මෙම ව්‍යාපෘතිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය මගින් නැවත්වීමට තීරණය කරන ලදි. පසුගියදා පැවති ජපාන සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට යෝජනා කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...