දේශීය පුවත්

පසුගිය සිදුකුරාදා දිනයේ රැස්වූ මානව හිමිකම් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂකවරු යැයි කියා ගන්නා කිහිප දෙනෙකු හා විර්ශන නිලධාරීන් පිරිසක් මානව හිමිකම් කොමිෂන් සභාවේ සිදුවන අල්ලස් හා දූෂණවලට විරුද්ධව කටයුතු කළ කොමසාරිස්වරු තිදෙනෙකුට එරෙහිව ක්‍රියාමාර්ග ගතයුතු බව තීරණය කර ඇති බව එම කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිකරයි.

එම කොමිසමේ උසස් නිලධාරියකු පවසන්නේ මෙම කොමසාරිස්වරු තිදෙනා පැමිණීම වැළැක්වීම සදහා ඔවුන්ට තර්ජනය කිරීමට හා පහර දීමට සැලසුමක් ක්‍රියාත්මක වන බවයි.

එමෙන්ම මෙම පහරදීම් ජනතාව කළ බවට මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමටද සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කරයි.

මෙම සැලසුම ක්‍රියාත්මක කරන පුද්ගලයන් මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කරන පුද්ගලයන්ගෙන් ද යම් යම් අල්ලස් ලබාගන්නා බවත්, එම පරීක්ෂණ ප්‍රමාද වන බවට පවසමින් අදාළ පුද්ගලයන්ව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පොළඹවා ඔවුන්ට නීතිඥයන් සපයා දෙමින් වංචනිකව මුදල් අයකරන බවත් එම උසස් නිළධාරියා කරුණු හෙළිකරයි.

එමෙන්ම පොලිසිය හා ආරක්ෂක අංශ විසින් විවිධ පුද්ගලයන්ට පහරදුන් බවට චෝදනා ඉදිරිපත් කරමින් එම නිලධාරීන්ට දඬුවම් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම ද මෙම පිරිස විසින් සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More