අනුබුදු මිහිඳු මාහිමියන් ශ්‍රී ලංකාවට වැඩම කොට සම්බුදු සසුන පිහිටුවීම සිහිපත් කරන උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි.
ශ්‍රී බුද්ධ වර්ෂ 236 වැන්නේදී පොසොන් පුන් පොහෝ දිනක මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූත පිරිසේ ලංකාගමනය සිදු වූ අතර, එතැන් සිට නිර්මල බුදු දහම මෙරට ස්ථාපිත විය.
නව බෞද්ධ ප්‍රබෝධයක් මෙන්ම සමාජ විපර්යාසයක් සහ ආධ්‍යාත්මික විප්ලවයක්ද එමඟින් මෙරට සිදු විණි.
ලක්දිව බුදු සසුනේ ආරම්භයටත්, බෞද්ධ ශිෂ්ටාචාරයේ පදනම සකස් වීමටත් මූලික වූ ප්‍රමුඛතම ජාතික පූජෝත්සවය මෙය වන අතර, මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිව බුද්ධ ශාසනය පිහිටුවීම, දෙවැනි පෑතිස් රජු ඇතුළු 40,000ක පමණ පිරිසකට චුල්ලහත්ථිපදෝපම සූත්‍රය සහ දෙවියන්ට සමචිත්තපරියාය සූත්‍රය දේශනා කිරීම ඇතුළු ලක්දිව වැදගත් සිදුවීම් රැසක් පොසොන් පොහෝ දිනය හා බැඳී පවතී.
බුදු හිමියන් සම්බුද්ධත්වයට පත් වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩ හිඳිමින් ධර්මය මෙනෙහි කරද්දී ප්‍රථම වරට බුදු සිරුරෙන් සවනක් බුදුරැස් විහිදීම සහ තෙවැනි ධර්ම සංඝායනාව පැවැත්වීමද සිදුව අත්තේ පොසොන් පොහොය දිනයේ දී ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...