දේශීය පුවත්

ශ්‍රී ලංකාවට බාල ඖෂධ සැපයූ බවට චෝදනා එල්ල වී ඇති ඉන්දීය ඖෂධ සමාගම සම්බන්ධයෙන් එරට මධ්‍යම ඖෂධ ප්‍රමිති පාලන ආයතනය විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ගුජරාට් හි ‘ඉන්දියානා’ නම් අදාළ ඖෂධ සමාගම විසින් සැපයූ, අක්ෂි ආබාධ සඳහා යොදාගනු ලබන ඖෂධයක් හේතුවෙන් මෙරට පුද්ගලයින් 30දෙනෙකුට පමණ ආසාත්මිකතා ඇතිවූ බවට ශ්‍රී ලංකා රජය විසින් එරට රජය වෙත දැනුම් දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා චෝදනා එල්ල වූ සමාගමට කැඳවීමක් සිදුකර ඇති ඉන්දීය ඖෂධ අපනයන කවුන්සිලය, සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකිරීමට ද නියෝග කර තිබේ.

ගතවූ වසරක කාලය තුළ ඉන්දියාවේ නිෂ්පාදිත ඖෂධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සිව්වන අවස්ථාව මෙය වන අතර මෙවැනි සිදුවීම් ඉන්දියාවේ ඖෂධ අපනයන කර්මාන්තයට දැඩි බලපෑමක් සිදුවන බව එරට ඖෂධ අපනයන කවුන්සිලය ප්‍රකාශ කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More