පුරවැසි කොලම

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට අපහාස කරේ යැයි යන චෝදනා මත හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව වන්දි ඉල්ලා එන්තරවාසියක් යවා ඇත යනුවෙන් සමාජ මාධ්‍යවල සංසරණය වූ තොරතුර සම්බන්ධයෙන් ලංකා ලීඩ්ස් නිවුස් වෙබ් අඩවිය ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාසගෙන අදහස් විමසුනු ලැබීය.

එහිදී අප වෙත ප්‍රකාශයක් කරමින් යසස් ධර්මදාස මහතා පවසා සිටියේ ශවේන්ද්‍ර සිල්වා මහතාට එල්ල වූ යුද අපරාධ චෝදනා යනු ඊට වඩා බොහොම බලවත් අපකීර්තිමත් චෝදනා බවයි. එලෙසම එවන් චෝදනා වලින් නිදොස් නොවී ඒවාට හිමි ඳඬුවම් වලින් ගැලවීමට පමණක් උත්සාහ කිරීම වඩා නින්දා සහගත කාරණයක් බවද අවධාරණය කිරීමට යසස් ධර්මදාස මහතා කට්යුතු කළේය. එතුමාගේ සම්පූර්ණ ප්‍රකාශය පහත සඳහන්වේ.

“ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා කියන්නෙ අපි ඉතා ගෞරවය්න් සළකපු යුද විරුවෙක්. ඒ වගේම පසුගිය කොවිඩ් කාලයේදී නොපසුබටව කටයුතුකළ නායකයෙක්. එවන් නායකයෙකුට තිරස්චීන ලෙස ඝාතනය කර තිබුන අමරකීර්ති වැනි පාර්ලිමේන්තු මංත්‍රී වරයෙකුගෙ සිරුර පැය දහයක් යනකම් ඒ මරාදමා තිබුන ස්ථානයෙන් බැහැරට ගෙනයන්නට නොහැකි වීම පිළිබඳව සාධාරණ සැකයක් අපට මතුවෙනව. දවස පුරා සජීවීව පෙන්වමින් ප්‍රහාරයන් සඳහා කණ්ඩායම් රැස්වෙමින් පවතිද්දි ඒ කෝලාහල කාරයින් පාලනය කිරීමට තම නිල බලය යොදා ගෙන උත්සුක නොවී දේපොළ ගිනිතබා විනාශ කරනකම් රටේ ආරක්ෂාව ඇතිකිරීමට නොහැකිවීම පිළිබඳව සාධාරණ සැකයක් ඇතිවෙනව. සමහර ඉන්දීය ජනමාධ්‍ය සඳහන් කරපු ආකාරයට එතුමා ඇමරිකන් තානාපතිනියව මුණගැසීමට යෑම පිළිබඳව සාධාරණ සැකයක් ඇතිවෙනව. අරගලකරුවන්ගේ හැසිරීම දිනෙන් දින කළහකාරී අතට වර්ධනය වෙද්දී නිතර නිතර තානාපති අංශ වලින් පවසන මානව හිමිකම් කඩනොකරනු යන විධානයට අවනත වීම පිළිබඳව සාධාරණ සැකයක් ඇතිවෙනව. මේ කියන මානව හිමිකම් කෙවිටද එසේනම් මේ බියගුළු නිවට සැකසහිත හැසිරීමට මූලික වුනේ කියා සාධාරණ සැකයක් ඇති වෙනව.

ශවේන්ද්‍ර සිල්වා මහත්තයලා වත්ත බද්දටදී ඇස්සට දත නියවන න්‍යායක් ඔය කියන මානව හිමිකම් කෙවිට වෙනුවෙන් අනුගමනය කළා. රනිල් මංගල චම්පක අනුර ප්‍රධාන යහපාලන නායකයින් මෛත්‍රීපාල සිරිසේන මහතාවත් නොමග යවල අපේ රණවිරුවන් යුද අපරාධකරුවන්ය යන චෝදනාව පමණක් නොවෙයි ඒ සඳහා නියමකළ ඳඬුවම්ද විවාදයකින් තොරව 2015 දී ජිනීවාහිදී පිළිගත්ත. ඒ පිළිබඳව ස්වභාවික යුක්තිය ඉටුවීමක් සිදුවුනේ නෑ. ප්‍රාථමික වරිග සභාවක උනත් චූදිතයෙකුට අවස්ථාව ලැබෙනව තමා නිවැරදිකරුවෙක්ද නැත්ද කියල ප්‍රකාශ කරන්න.ඒ වෙනකොටත් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගේ පූර්ණ මගපෙන්වීම යටතේ යුද විශේෂඥයින් පස්දෙනෙක් විසින් සම්පාදිත වාර්තා හතක් තිබුන අපේ හමුදාව යුද අපරාධ කරේ නෑ කියල. මේ එකදු වාර්තාවක්වත් රනිල් ප්‍රමුඛ යහපාලන රජය පාවිචිකළේ නෑ එල්ලවුන යුද අපරාධ චෝදනා නිෂීධනය කරන්න. ඒවගේම ඊට පෙර තිබුන රාජපක්ෂ රජයත් එය නිසි පරිදි භාවිතා කරේ නෑ. එයාල තමයි ඉස්සෙල්ලම වත්ත බද්දට දුන්නෙ. අදටත් මිසදිටුවො කතාකරන්නෙ කබ්‍රාල් මහතා ඇමරිකන්කාරයෙකුට රටේ හොඳ නම ප්‍රවර්ධනය කරන්න කියල මුදල් ලබා දුන්න කියන කාරණය විතරයි. එම මුග්ධයින් එක්කො දන්නෙ නෑ කබ්‍රාල් මහතා මූළිකව සාදපු එවන් වාර්තා හතක් ඇති බව. නැත්නම් තමුන්ගෙ මුග්ධකම ඉහවහා යෑමනිසා ඔවුන් නරුමයින්සේ කටයුතු කරනව. මෙම වාර්තා හත නොවන්න අපේ රණවිරුවන් සියල්ලම යුද අපරාධකරුවන් හැටියට තමයි ලෝකයේ සටහන් වෙන්නෙ.කබ්‍රාල් මහතා හැරුනවිට ඔය කියන රණවිරුවන් තවත් නමස්කාර කළයුතු චරිතයක් තමයි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. එතුමව රවටල තමයි ඔය යුද අපරාධ කරාය යන ප්‍රඥප්තිය පිළිගත්තෙ. ඒ ප්‍රඥප්තිය පිළිගෙන වසර දෙකක් යනකම් එතුමා දන්නෙ නෑ ඒ ප්‍රඥප්තියේ යුද අපරාධ චෝදනා තිබෙන බව. එතුමගෙ කපටි උපදේශකයො එතුමව රවට්ටල තිබුන. ජාතික සංඝ සභාවට සහ ජාතික සංවිධානවලට පිංසිදු වෙන්න එතුමට හැකිවුනා මෝහයෙන් දුරුවෙන්න. එහි ප්‍රථිඵලයක් හැටියට අභාවප්‍රාප්ත මංගල සමරවීර කෙලහලන් ලැබේවි යැයි බලන් හිටිය බලෙන් අතුරුදහන්වූවන්ගේ කාර්යාලය ඔහුට නොදී එතුම යටතට ගත්ත. එසේ නොවන්න සාක්ෂි පනතත් අදාල නොවන චෝදනා කර්මාත්නශාලාවේ සාක්කි වලට ඔය කියන සියළුම රණවිරුවන් කොටුවෙන්න තිබුන. එහෙම වුනානම් ඔය දරණ ලොකු තනතුරු මොකවත් ඔය උඩ තලයේ වැජඹෙන තරුපතිවරුන්ට ලැබෙන්නට ඉඩ නොලැබෙන්න තිබුන. නමුත් සිරිසේන මහතා වරද නිවැරදි කරන මාර්ගයේ දිගටම ගමන් කළේ නෑ. එතුමව ඔය විදේශ කටයුතු අමාත්‍යංශයේ ඉන්න බහිරවයින් විසින් වැළක්වුව.

එම නිසයි කළ හුරුව ඇති කියල හිතල ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ජනාධිපති කමට පත්කරේ. නමුත් එතුමම වරක් කිව්ව වගේ පව්ලෙ හිටිය මෝඩය යන්න සනාත කරමින් ඉතාමත්ම අඩුම කාලයකින් අකුලගෙන පලා යන්න සිදුවුනා. මේ පලායෑමට අර මුලින් කිව්ව දෙමළ ඩයස්පෝරාව “එන්ගේජ්” කරගැනීම අදාළයි. එතනදි තමයි අරගලය හමුවේ මානව හිමිකම් තොණ්ඩුව වැඩකරේ. ඔය මානව හිමිකම් තොණ්ඩුව දාන වෙලාවෙ ජිනීවාහි හිටිය නිත්‍ය නියෝජිත රවිනාථ ආරියවංශ මහතා වරක් අප සමග පැවසුවේ යුද අපරාධ කරා යන මානව හිමිකම් කඩකිරීමේ චෝදනා රටට උඩින් කෙස් ගහකින් එල්ලා තිබෙන තියුණු අසිපතක් වගේ කියල. කතුර අතේ තියෙන ඇමරිකාව ආදී රටවල් ඔවුන්ට අවශ්‍ය ඕනෑම අවස්ථාවක එම කෙස් ගස කැපීමට සූදානම්. අරගලය කලහකාරීවූවිටද එය මැඩලීමට එරෙහිව මානව හිමිකම් කඩකිරීමේ චෝදනා ලැබුවොත් වෙන විනාශය දිගින් දිගටම ඔය කියන බලවත් රටවල් විසින් හමුදාවට මතක්කර දුන්න.දැන් අපට ශවේන්ද්‍ර සිල්වා මැතිතුමාගෙන් අහන්න වෙන්නෙ ඔබතුමා මධ්‍යස්ථ දෙමළ ඩයස්පෝරාව ‘එන්ගේජ්’ කරගෙන යුද අපරාධ චෝදනාවලට හිමි ඳඬුවම් වලින් ගැලවෙන්නේ යැයි අදහස් කරේ කුමක්ද?, දෙමළ ඩයස්පෝරාවේ ඒකායන ඉල්ලීම් මොනවද?, කියා ඔබතුමා හොඳාකාරව දන්නා බව ප්‍රත්‍යක්ෂ බැවින් ඔය කියන ‘එන්ගේජ්’ කරගැනීමට ඒ අභිලාශයන් බලපාන්නේ කෙසේද? ඇමරිකන් තානාපතිතුමිය මුණගැසීමේදී ‘එන්ගේජ්’ කරගැනීමේ අභිලාශයන් පිළිබඳව සාකච්ඡා කළාද? අරගලය අවස්ථාවේදී ඔබතුමාව ‘එන්ගේජ්’ කරගැනීමක් සිදුවුනාද? යුද අපරාධ චෝදනා වලට වඩා වැඩි අපකීර්තිමත් චෝදනාවක් මංත්‍රීවරයා කර තිබේයැයි ඔබ සිතනවාද? කියායි. කෙසේ වුවද සමාජ ජාලා වල පලවෙන තොරතුරු සත්‍යනම් ඔබතුමාට විමල් වීරවංශ මහතා එල්ල කර ඇති චෝදනා වලට එරෙහිව ස්වභාවික යුක්තිය ඉල්ලීම පිළිබඳව අප සතුටුවන්නෙමු. නමුත් යුද අපරාධ චෝදනාවලටද මේ ලෙසම ස්වභාවික යුක්තිය ඉල්ලීමට උත්සුක වූයේ නම් ‘එන්ගේජ්’ ක්‍රමවේදය හෙවත් ඇස්සට දත නියවීම අවශ්‍ය වන්නේ නැහැ කියා අපි අවධාරණය කරනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More