ජ්‍යේෂ්ඨ නීතීඥ කළ්‍යාණන්ද තිරාණගම මහතාගේ ජීවිත කතාව ඇතුළත් කෘතිය නීතිපති දෙපාර්තමේන්තුවේ පුස්තකාලයට පරිත්‍යාග කර තිබේ.
සිය වෘත්තීය ජීවිතය තුළ එතුමා විසින් මාතෘභූමිය වෙනුවෙන් ඉටුකළ සුවිශාල මෙහෙවර පිළිබඳව මෙන්ම වෘත්තීය ජීවිතයේ අත්දැකීම් පිළිබඳ තොරතුරු මෙම කෘතිය තුළ අන්තර්ගත කොට තිබේ.
පොලිස් කූඩු, හිර ගෙවල්, අධිකරණ ශාලා හා ජනතා වේදිකා තරණය කරමින් පීඩිත පංතියේ සිට එතුමා පැමිණි ගමන් මග මෙම කෘතිය මගින් විස්තර කොට තිබේ.
එතුමාගේ ජීවන අරගල සටනේ උත්සාහයන්, පරාජයන් හා ජයග්‍රහණවලින් පිරි අත්දැකීම්ද නොපසුබස්නා ධෛර්යය ද එක්කොට අනාගතයේ මෙරට ජනසමාජයේ පීඩිත පංතියෙන් සටනට බසින ජනතාවට මෙම කෘතිය මාර්ගයෙන් ලබාදී ඇති පන්නරය ඉමහත් ය.



ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...