දේශීය පුවත්

ආගම්වලට අගෞරව පරිදි යම් යම් අය ප්‍රකාශ නිකුත් කිරීමෙන් ආගම් අතර අනපේක්ෂිත ගැටළු ඇති විය හැකි බැවින්, එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

මෙවැනි කාරණා සම්බන්ධයෙන් පොලිසියේ විශේෂ අවදානය යොමුව ඇති බවත්, විවිධ ගැටුම්වලට පාදක වන ප්‍රකාශ සම්බන්ධයෙන් විශේෂ අවදානය යොමුකර කඩිනමින් අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බවත් ඔහු පවසයි.

විවිධ ගැටුම් වලට පාදක වන කරුණු, සහ ඒ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වී ඊට අදාල සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කරන්නේ මේ ආකාරයේ කාරණා හේතුවෙන් බවද, රට තුළ ගැටුම් ඇති වන අන්දමේ ආගම්වලට අගෞරව කරමින් ප්‍රකාශ නිකුත් නොකිරීම සෑම පුද්ගලයකුගේම වගකීමක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

මේ ආකාරයේ ප්‍රකාශ සිදුකර ඒවා මුල්කරගෙන සමාජයේ යම් ගැටුම්කාරි තත්ත්වය හටගතහොත් එහි ප්‍රතිවිපාක ඔවුන්ට විදිය යුතු බවත්, කිසියම් ප්‍රකාශයක් කරන්නේ නම් රටේ නීතියේ සීමාවට යටත්ව ප්‍රකාශ සිදුකළ බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More