දේශීය පුවත්

බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කරන්නේ ශ්‍රී ලංකා රුපියලට ඉදිරියේදී ඉතාමත් දුෂ්කර කාලයට මුහුණ දීමට සිදුවනු ඇති බව විශ්ලේෂකයන් අනාවැකි පළ කර ඇති බවයි.

ලෝකයේ මුදල් ඒකක අතරින් ක්‍රියාකාරීම මුදල් ඒකකය ලෙස ශ්‍රී ලංකා රුපියල ඉදිරියට පැමිණියත් ශ්‍රී ලංකාව ආනයන සීමා ලිහිල් කිරීමත් ණය ගෙවීම ආපසු ආරම්භ කිරීමත් සමඟ අනාගතයේදී ඉතාමත් දුෂ්කර කාලයකට ශ්‍රී ලංකා රුපියලට මුහුණ දීමට සිදුවනු ඇතැයි එම විශ්ලේෂකයන් සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා රුපියල ඊයේ (31) ද ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 1.4 කින් ශක්තිමත් වූ නමුත් වසර අවසාන වන විට නැවතත් ඇමෙරිකානු ඩොලරයක් ශ්‍රී ලංකා රුපියල් 350 ක අගයකට පැමිණෙනු ඇතැයි විශ්ලේෂකයන් අනාවැකි පළ කර ඇත.

ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීමට සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාමත් බැඳුම්කර වෙළඳපොළ ගනුදෙනු ඉහල යාමත් හේතුවක් වී ඇති බවයි බ්ලූම්බර්ග් පුවත් සේවය ප්‍රකාශ කර ඇත්තේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More