දේශීය පුවත්

බුදු දහමට පහර ගැසූ නතාෂා එදිරිසූරිය නම් කාන්තාව සම්බන්ධ වූ මෝඩාභිමාන වැඩසටහන නැරඹීමට ආ අය අතර සිටි ලකයි සිකයි යූටියුබ් නාලිකා හිමිකරුවන්ට මේ වනවිට මරණ තර්ජන එල්ලවී ඇතැයි ඔවුන් ප්‍රකාශකර තිබිණි.

ලකා ලෙස හඳුන්වන ලක්මාල් වීරසිරිගේ බිරිඳ මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක්ද සිදු කර ඇත.

‘ලකයි සිකයි‘ යූටුබ් නාළිකාවේ හිමිකරුවන් වන ලක්මාල් වීරසිරි සහ ශාන් අරෝෂ මේ දිනවල ඕස්ට්‍රෙලියාවේ මෙල්බර්න්හි ප්‍රසංගයක් සඳහා ගොස් සිටින අතරවාරයේදී මෙම තර්ජන ගැන අදහස් පළ කර තිබුණි.

කෙසේ වෙතත් මොවුන් දෙදෙනා සරණාගත වීසා හරහා ඔස්ට්‍රේලියාවේම රැඳී සිටිනු ඇති බවට සාමාජ මාධ්‍ය හරහා තොරතුරු මේ වන විට සංසරණය වෙමින් තිබේ.

සරණාගත වීසා බලපත්‍රයක් සඳහා සුදුසුකම් ලැබීමට නම් මුළින්ම සරණාගත තත්ත්වයක් ඇති බව ඔප්පු කළ යුතු අතර, ආගමික හෝ දේශපාලනික පීඩාවන් පිළිබඳව පිළිගත හැකි සාධක ඉදිරිපත්කර මව්බිමෙන් පීඩාවට පත්වන බව ඔප්පුකිරීමෙන් විදේශ රටක රැඳී සිටීමට මෙම නිල අවසරය හිමිවේ.

මේ වන විට සමාජ මාධ්‍ය හරහා වීඩියෝ පළකරමින් සහ පිළිගත් මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති හරහා මෙන්ම බිරිඳ මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක්ද සිදුකරමින් ඔවුන් මෙම සාක්ෂි සපයාගෙන ඇති බව සමාජ මාධ්‍ය පරිශීලනයේදී තහවුරු වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More