දේශීය පුවත්

එළුවන්ටත් රක්ෂණයක්

June 1, 2023 11:56 am | Lanka Lead News

එළුවන් සඳහා රක්ෂණාවරණයක් ලබා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කර ඇත.

කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්.එම්.එම්.බී. වීරසේකර විසින් ඒ බව ඉකුත් දා (මැයි 30) කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

පශු සම්පත් පාලනයේදී රජය ඉදිරි වසර පහ තුළ එළුවන් 70,000ක් ලබා දීමේ වැඩපිළිවෙළ යටතේ මේ අයුරින් එළුවන් සඳහා ද රක්ෂණාවරණයක් ලබා දීමට සැලසුම් කොට ඇත.

සාමාන්‍යයෙන් එළුවෙකුගේ වටිනාකම රුපියල් ලක්ෂයක් පමණ වන බව ඇස්තමේන්තු කොට ඇති අතර, වාර්ෂිකව රුපියල් 400ක රක්ෂණ දායකත්වයක් මගින් එළුවන් රක්ෂණය කිරීමට අවස්ථාව සලසා දීමට මේ මගින් සැලසුම් කෙරේ.

එළුවන් සොරකම් කිරීමකදී හෝ හදිසි මරණයට පත් වූ විට උපරිම වන්දියක් ලබා දීමට මේ හරහා කටයුතු යොදා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More