දේශීය පුවත්

ඉන්ධන මිල අඩු වැඩි කරයි

June 1, 2023 8:14 am | Lanka Lead News

ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 15 කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 50 කින් ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කිරීම සිදු විය.

ඒ අනුව ලංකා ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 318 ක් ද, ලංකා භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 245 ක් බව ද විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා පවසයි.

ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 60 කින් අඩු කළ බවත් කාර්මික භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 270 ක් බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 20 කින් ද, ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් ද, ඉහළ දැමූ බවත් පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 385 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 340 ක් බවත් අමාත්‍යවරයා පවසයි.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 310 ක තව දුරටත් පවතින බවත් වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More