දේශීය පුවත්

බුදදහම ඉලක්ක කරගත් දීර්ඝ කාලීන කුමන්ත්‍රණයක් මෙරට සිදුවන බවත්, මෙම ක්‍රියාදාමය සඳහා මෙරට සිටින විවිධ පුද්ගලයන් මෙන්ම භික්ෂුන් වහන්සේලා ද එක්තරා සංවිධානාත්මක පිරිසක් විසින් යොදා ගෙන ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

දේවගැති ජෙරම් ප්‍රනාන්දුලා, නතාෂා එදිරිසූරියලා මෙම ක්‍රියාදාමය සක්‍රීය කරගැනීම සඳහා මුදලට යොදාගත් චරිත බවද ඔවුන් මෙහෙයවන්නේ එකම තැනකින් බවද වසන්ත බණ්ඩාර මහතා පවසයි.

නතාෂා යන කාන්තාව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පුහුණු වැඩමුළුවලට සම්බන්ධ වී එහි උපදේශිකාවක් ලෙස හා අමෙරිකානු USAID සංවිධානයේ පුහුණු වැඩමුළුවලටද ඇය සහභාගී වී ඇති බවත් වසන්ත බණ්ඩාර මහතා හෙළිකරයි.

ජාත්‍යන්තර සංවිධාන විසින් ඔවුන්ට සේවා සපයන මෙම සාමාජිකයන්ට ඩොලර් පොම්පකරමින් සිටින බවද, එම සංවිධානවල මූලිකම අරමුණ බවට පත්ව ඇත්තේ මෙරට බෞද්ධ ආගම හා බැඳුනු මහා සංස්කෘතිය විනාශ කර රාජ්‍යය බිඳවැට්ටවීම බවද ඒ මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව පැවසුවේ අන්තර්ජාල නාලිකාවක් සමග පැවත් සංවාදයකට එක් වෙමිනි. එම සංවාදය සඳහා පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ද සම්බන්ධ වී සිටි අතර එහිදී උන්වහන්සේ පැවසුවේ මෙම ක්‍රියාදාමය සඳහා බෞද්ධ භික්ෂූන් වහන්සේලාද යොදාගෙන ඇති බවයි.

ජෙරම් ප්‍රනාන්දුලා වැනි පුද්ගලයන් සියගණනක් භික්ෂූ වේෂයෙන්ද සිටින බවත් උන්වහන්සේ පවසති. එහෙත් අවාසනාවකට මහනායක හිමිවරුන්ට එම චීවරධාරීන් පිළිබඳව නීතිමය කටයුතු කිරීමට බලයක් නොමැති බවත් උන්වහන්සේ පවසති.

සවිස්තරාත්මක වීඩියෝව පහළින්…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More