බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නතාෂා එදිරිසූරිය හට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් බෘෘනෝ දිවාකර නමැත්තා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (31) පස්වරුවේ මොහුව අත්අඩංගුවට ගෙන ඇති අතර, යු ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් අදාළ පුද්ගලයා ආගමික නිදහසට හානි වන ආකාරයෙන් ප්‍රකාශ ප්‍රචාරය කිරීමට ආධාර අනුබල ලබාදී ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
පැය 8ක පමණ ප්‍රශ්න කිරීමකින් අනතුරුව සැකකරුව අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...