දේශීය පුවත්

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ එහි මුල්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම සදහා මණ්ඩලයේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී විදුලිබල මණ්ඩලයේ මුල්‍ය ශේෂපත්‍රය පිළිබඳව විශේෂ සාකච්ඡාවක්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ නියෝජිතයන් සමග මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්විණි.

ඒ අනුව විදුලිබල මණ්ඩලය ලබා ගෙන ඇති සියලුම ව්‍යාපෘති ණය, ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු ණය, පුනර්ජනනීය සැපයුම්කරුවන්ට සහ අනෙක් සැපයුම්කරුවන්ට ගෙවිය යුතු ණය, රාජ්‍ය බැංකුවලින් ගෙන ඇති ණය සහ අනෙකුත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට මෙන්ම මෙම වසරේ ඇති වී ඇති අලාභ පිරිමසා ගැනීම සඳහා වන සැලසුම සකස්කරන බවත් ජූනි අවසන් වනවිට විදුලිබල මණ්ඩලයේ මුල්‍ය ශේෂපත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන සැලැස්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කළ යුතු බවත් ඒ මහතා සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More