රජයට අයත් පොහොර සමාගම් දෙක මඟින් ගොවීන් වෙත අලෙවිකරන කිලෝග්‍රෑම් 50කින් යුත් යූරියා පොහොර මිටියක මිල රුපියල් 9000 දක්වා අඩු කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මෙම මිල අඩුවීම ජුනි මස 15 වෙනි දින සිට ක්‍රියාත්මක වන බව ඇමැතිවරයා සඳහන් කරයි.
යූරියා පොහොර අඩුකිරීම පිළිබඳව අද (31) පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති අතර, ලෝක වෙළඳපොළේ යූරියා පොහොර මිල අඩුවීමේ වාසිය ගොවීන්ට ලබා දීම සඳහා මෙම පියවර ගත් බවයි මහින්ද අමරවීර මහතා පවසන්නේ.
මේ අතර, ජුනි මස 10- 12 අතර දිනයක මෙරටට යූරියා පොහොර මෙට්‍රික් ටොන් 31,500ක පොහොර නැවක් පැමිණීමට නියමිත බවත් වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...