2022 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා සලකා බැලීමේ දී එම විභාගය අසමත්ව සිටි සිසුන් 146දෙනෙකු කඩඉම් ලකුණු අභිබවා විභාගය සමත්ව ඇති පුවතක් වාර්තා වේ.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසා සිටියේ, ශිෂ්‍යත්ව විභාගයේ අභියාචන සලකාබැලීමේ දී සිසුන් 867දෙනෙකුගේ ලකුණු මට්ටම් වෙනස් වූ බවය.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා සිංහල මාධ්‍ය සිසුන් 20,334 දෙනකු සහ දෙමළ මාධ්‍ය සිසුන් 4,823දෙනකු වශයෙන් සිසුන් 25,157දෙනකු ඉල්ලුම් කර තිබූ බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණයේදී පරීක්ෂකවරුන් දෙදෙනෙකු විසින් පරීක්ෂාවට ලක්කළ බව ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...