උඩරට සහ පහතරට එලවළුවල කිලෝවකම මිල රු 400 – 750 අතර මිලකට අලෙවි කිරිම නිසා එලවළු වෙළෙදාම සිඝ්‍රයෙන් පහළ බැස ඇති බව එලවළු වෙළෙන්දෝ පවසති.
වම්බටු කිලෝවක් රු 600 , පතෝල සහ බණ්ඩක්කා කිලෝවක් රු 450-500 ,ගෝවා කිලෝව රු 500 , කැරට් රු 500 , බෝංචි රු 600 , මාළු මිරිස් රු 750 ඇතුළු අනෙකුත් සැම එලවළු කිලෝවක්ම රු 400 -750 අතර උපරිම සිල්ලර මිලට අලෙවි කරන බවයි වෙළෙඳන් පවසන්නේ.
අමු මිරිස් කිලෝවක් රු 500 , නයි මිරිස් රු 1000 වැනි සිල්ලර මිලකට අලෙවි කරන බවත්,ඉල්ලුමට සරිලන එලවළු සැපයුමක් වෙලදපොලේ නොමැති විම හමුවේ මෙසේ එලවළු මිල ඉහල ගොස් ඇති බවයි වෙළෙන්දෝ මැසිවිලි නගන්නේ.
මේ අතර කුකුළු මස් කිලෝවක් මිල රු 1750 වැනි සිල්ලර මිලකට අලෙවි කිරිමට සිදු වි ඇති බවත්, එසේ කුකුල් මස්වල මිල ඉහල යාම හමුවේ කුකුළු මස් අලෙවිය සිඝ්‍රයෙන් පහළ බැස ඇති බවත් වෙළෙන්දෝ පවසති.
එමෙන්ම මාළු මිල ගණන් ද දෙගුණයකට වැඩි මිලකින් ඉහළ ගොස් තිබේ.
පෑලියගොඩ මාළු වෙළෙඳපොළේ ඊයේ (30 දා) කෙලවල්ලා කිලෝව රුපියල් 1900 ක්ද, බලයා රු. 1400 ක්ද, තලපත් රු. 2700 ක් සහ සාලයා රු.400 ක් ලෙස තොග මිල පැවතිණි.
මෙසේ ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම දරාගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවයි ජනතාව මැසිවිලි නගන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...